විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගම් දෙකක මත ගැටුමක්

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගම් දෙකක මත ගැටුමක්
සිදුවූ විදුලිය බිඳවැටීම පිටුපස ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ මැදිහත්වීමක් ඇතැයි සැකයක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
 
විදුලිය බිඳවැටීම පිළිබඳ අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට බලධාරීන් කටයුතු කළ යුතු බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පෙන්වාදෙයි. 
 
 අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා විදුලිබල මණ්ඩලයේ, ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.
 
"ඉතාම අමානුෂික ඉල්ලීම්වල තමයි ඒ අය ඉන්නේ ඊට පස්සේ ‍වෙන වෙන ඉල්ලීම් ගොඩාක් දාගෙන ඒ ගොල්ලෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙනවා. ඒ ගොල්ලොම දන්නේ නෑ ඒ ගොල්ලෝ ඉල්ලන ඉල්ලීම් මොනවාද කියලා. අද එකක් ඉල්ලනවා හෙට එකක් ඉල්ලනවා. තම තමන්ගේ වෘත්තිය හැල්ලු කරන්නේ කොහොමද කියන එක අපිට ගැටළුවක් තියෙනවා. විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කරන්නේ නෑ කිව්වා. ඒ ගොල්ලෝ ස්ට්‍රයික් කරනවා කිව්වා. අකුරට වැඩ කරනවා කිව්වා. ලයිට් යැව්වොත් හරි කියන මතයට අන්තිමට ඒ ගොල්ලෝ ලඝු වෙනවා."
 
ප්‍රශ්නය - එම විදුලි ඉංජිනේරු සංගමය මේකට සෘජුවම සම්බන්ධයි කියලා එයාලගේ මැදිහත්වීමක් තියනවා කියලා කියන්නේ කොහොමද?
 
"වැස්සකුත් නෑ, අකුණු ගහන්නෙත් නෑ, කාලගුණික විපර්යාස නෑ, ගස් කඩා වැටෙන්නෙත් නෑ එහෙම වෙලාවක මෙහෙම බිඳවැටීමක් සිදුවෙන්න පුළුවන්ද කියලා ඒකේ විශේෂඥයෝ තේරුම් ගනිවී. ඔයගොල්ලන්ට ඒක දැනගන්න පුළුවන් වෙයි. අපිට ඒ ගැන තියනවා සැකයක්. ඒකයි අපි කියන්නේ අපක්ෂපාති පරීක්ෂණයක් තියන්න කියලා. දවස් 3ක් 4ක් යනවා මැෂින් එක නිවෙන්න. එකට කිට්ටු වෙන්න. එකයි මේ කියන්නේ. මහජන උපයෝගිතා කොමිසම, ඒගොල්ලන්ටත් කියන්නේ මේ ගැන හොයලා බලන්න. පක්ෂග්‍රාහි මිනිස්සු දාගෙන මේක යට ගහන්න උත්සහ කරන්න එපා. මේ, මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි. ලොකු ඉස්පිරිතාලේක කොළඹ ජෙනරේටර්ස් 2ක් ස්ටැන්ඩ්බයි තියෙනවා ඒ දෙකම අවේ නෑ. ICU ලෙඩ්ඩු බැඩ් වුණා කියලා අපිට කිව්වා. මේවා හරි පව් සිද්ධවෙන වැඩ. එගොල්ලන්ගේ අන්තවාදී අදහස් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ."