පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සෞඛ්‍ය වෘත්තීයවේදීන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමර්ගයක

පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සෞඛ්‍ය වෘත්තීයවේදීන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමර්ගයක

සෞඛ්‍ය අමාත්‍යවරයා, මුදල් අමාත්‍ය වරයා හෝ ඊට ඉහල රජයේ බලධාරීන් විසින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලු සදහා විසදුම් ලබා නොදීම හේතුවෙන් හෙට (08/12/2021) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

එහි ආරම්භක පියවර ලෙස අද (08/12/2021) දවසේදී වයඹ පළාතේ පවතින සියළු රෝහල් සහ සෞඛ්‍ය අයතනවල පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්ට අදාල සියළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් සේවයට වාර්ථා නොකරමින්, කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක් පවත්වනු ලැබේ.

2021/12/09 දින මධ්‍යම පළාතේ සියළු රෝහල් තුලද එවැනිම වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරනු ලැබේ. මෙම විරෝධතා මාලාව ඒ අකාරයෙන් සියළු පළාත් තුල දියත් කෙරෙන අතර, අවසානයේදී දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයකට එළඹීමටද, බලධාරීන්ගේ ඇස් කන් හරිනතුරු සේවයෙන් වැලකී සිටීමටද තීරණය කර ඇත.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කිරීම වෙනුවට, යම් ප්‍රමාණයකට හෝ විසදුම් ලබා දී තිබූ රනුක්ගේ වැටුප් නිර්දේශ ක්‍රියාත්මකවීම අත්තනෝමතිකව නතර කර දැමීම, වෘත්තීය උපාධීදාරීන්ගේ සේවාව තවදුරටත් ඩිප්ලෝමා වැටුප් තලයක පවත්වා ගැනීම, සේවා දායකයින්ගේ ණය නොගෙවීම, කොමිස් වුවමනාව වෙනුවෙන්, අනවශ්‍ය උපකරණ හා රසායන ද්‍රව්‍ය ගොඩ ගසමින් විශාල මුදල් නාස්තියක් සිදු කරමි සෞඛ්‍ය සේවාව කඩා වැටීමට ඉඩ හැර බලා සිටීම, ඖෂධ මිල සහ සෞඛ්‍යය සැපයුම් මිල පාලනයක් සිදු නොකරමින් මහජන අවශ්‍යතා නොසලකා හැරීම,  සෞඛ්‍ය පරිපාලනය තුල වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අවශ්‍යතා නොසලකා හැරීම වැනි මූලික ඉල්ලීම් 7ක් සදහා විසදුම් ලබා දෙන තුරු මෙම වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කිරීමට බලාපොරොත්තු  වේ.