කදාන දුම්රිය ස්ථානය තාවකාලිකව වැසෙයි

කදාන දුම්රිය ස්ථානය තාවකාලිකව වැසෙයි

කඳාන උප දුම්රිය ස්ථානයේ සේවයේ නියතු උප දුම්රිය ස්ථානාධිපතිවරයෙක් කොවිඩ් ඇන්ටිජන් පරිෂණ ප්‍රතිඵල අනුව ආසාදිතයකු බවට තහවුරු වීම නිසා එම දුම්රිය ස්ථානය විෂබීජ හරණය කරන තෙක් වසා තැබීමට දුම්රිය දෙපාර්තමේන්තුව  තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා වැඩබිම හා පැවසීය.

නිවේදනයක් නිකුත් කරමින්  ලේකම්වරයා සඳහන් කරන්නේ, අදාළ දුම් රිය ස්ථානයේ සේවයේ නියුතු උප දුම් රිය ස්ථානාධිපතිවරයා හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බවයි.

එම දුම්රිය ස්ථානය මගීන් සඳහා විවෘත අතර, දෙපස දුම්රිය ස්ථාන මගින් ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ හැකියාව තාවකාලිකව ලබා දී ඇති බව ද එම නිවේදනයේ සඳහන්.

ඒඅනුව එම දුම්රිය ස්ථානයේ සාමාන්‍ය දුම්රිය කාලසටහන පරිදි දුම්රිය නැවත්වීමට ද කටයුතු කර තිබෙනවා.