වැඩබිම සංවාදශීලී හමුව මෙවර රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති රැසකගේ ඒකරාශීත්වයෙන්

වැඩබිම සංවාදශීලී හමුව මෙවර රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති රැසකගේ ඒකරාශීත්වයෙන්
වැඩබිම/වේලෙයිත්තලම් වෙබ් අඩවි විසින් සංවිධානය කරන ලද මාසික සංවාදශීලී සම්මන්ත්‍රණය 2021 දෙසැම්බර් මස 07 වෙනි දින කොළඹ 02 ජයික් හිල්ටන් හෝටල් ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.
 
මෙම කතිකාව සඳහා සම්පත් දායකයින් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ  සහ හිටපු අමාත්‍යාංශ ලේකම් ඒකාබද්ධ සේවා හිටපු අධ්‍යක්ෂක ඒ.එච් ගමගේ යන මහත්ම මහත්වරුන් සම්බන්ධ වී සිටියහ.
 

රාජ්‍ය සම්පත් විකිණීම හා ආර්ථික අභියෝගය සම්බන්ධයෙන් හා වසංගතය හමුවේ රාජ්‍ය සේවකයා මුහුණ දෙන ගැටළු හා විසඳුම් ප්‍රවණතා යන මූලික මාතෘකා යටතේ ප්‍රධාන දේශන පැවැත්වූ අතර මේ අවස්ථාව සඳහා රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සමිති 20කට වැඩි ප්‍රමාණයක වෘත්තීය සමිති නායකයින් එක්ව සිටියහ.

1

2

3

11

22