සුදුසුකම් ලත් රැකියා විරහිත උපාධිධාරීන්ට අලුත් බලාපොරොත්තුවක්!

සුදුසුකම් ලත් රැකියා විරහිත උපාධිධාරීන්ට අලුත් බලාපොරොත්තුවක්!

2020 රැකියා ලබා දීමේදී අසාධාරණයට පත් උපාධිධාරීන්ගේ අභියාචනා සැලතීමේදී නැවත අසාධාරණයක් සිදු වී ඇති අතර ඔවුන්ගේ අභියාචනා නැවත රාජ්ය පරිපාලන සේවා අමාත්යංශයට යොමු කිරීමට ඊයේ රැකියා විරහිත උපාධිධාරී ඒඛාබද්ධ මධ්යස්ථානයේ විධායක සභික කොස්වත්තේ මහානාම හිමියන් රාජ්ය පරිපාලන සේවා අමාත්යංශය  වෙත පසුගියදා ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කර තිබේ.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය නොවැම්බර් 17 වෙනි දින ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රාජ්‍ය පරිපාලන සේවා අමාත්‍යාංශය සමඟ සිදුකළ සාකච්ඡාවේදී අමාත්‍යාංශයේ ඒකාබද්ධ අධ්‍යක්ෂකවරයා විසින් සඳහන් කරන ලද්දේ 2020 රැකියා ලබා දීමේදී අසාධාරණයට පත්වූ උපාධිධාරීන්ට අභියාචනා යොමුකිරීමට අවස්ථාව ලබා දුන් බවත් එම අභියාචනා යොමුකිරීමේදී රාජ්‍ය පරිපලන අමාත්‍යාංශය පැත්තෙන් නැවත ලේඛනය සකස් කිරීමේදී අතපසුවීමක් සිදුව ඇති බවත් නම් මඟහැරීමක් සිදුව ඇති බවත් එලෙස නම් මඟ හැරී ඇති උපාධිධාරීන්ගේ අභියාචනා නැවත ගෙනත් භාරදෙන ලෙස දැනුම්දුන් බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.

එලෙස සියලු සුදුසුකම් සපුරා ඇති නම් මඟ හැරී තිබූ උපාධිධාරීන් විසින් ඔවුන්ගේ අභියාචනා රැකියා විරහිත උපාධිධාරී ඒඛාබද්ධ මධ්‍යස්ථානය වෙත ලබා දී තිබෙන බවත් ඒවා රාජ්‍ය පරිපාලන සේවා අමාත්‍යාංශය වෙත භාර දීම සිදුකළ බවත් උන්වහන්සේ සඳහන් කළේය.