තවත් ඔමික්‍රෝන් අසාධිතයින් තිදෙනෙක් සොයා ගැනේ

තවත් ඔමික්‍රෝන් අසාධිතයින් තිදෙනෙක් සොයා ගැනේ

ශ්‍රී ජයවර්ධනපුර රසායනාගාරය මාස කිහිපයකට පසු සිදුකල ප්‍රභේද හදුනාගැනීමේ පරීක්ෂණ 96ක් තුල, ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් තිදෙනා සොයා ගැනීමට හැකිවී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති, රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, රට තුල අහඹු ලෙස හමුවූ අසාධිතයෙකුද මේ අතර සිටින බැවින් එය ඔමික්‍රෝන් රට තුලට කාන්දු වීම පිළිබදව සාක්ෂියක් බවත්, මෙම හදුනා ගැනීම් සියල්ල සිදුවන්නේ, එම සොයා ගැනීම් සදහා අවශ්‍ය PCR සහ ප්‍රභේද පරීක්ෂණ හැකිතාක් අඩු කර හා අධෛර්යට පත් කර තිබෙන වට පිටාවක් තුළ බවයි.

රටක් ලෙස අප ප්‍රභේද පරීක්ෂණ සිදු නොකරන තරම්‍ ය. විධිමත් අහඹුකරණ ක්‍රමවේදයක් අනූව ප්‍රභේද පරීක්ෂණ සිදු කෙරෙන්නේ නැත. නව ප්‍රභේද රටට ඇතුළුවීම වැලැක්වීම සදහා අත්‍යාවශ්‍යයෙන්ම කල යුතු ඔන් ඇරයිවල් PCR හෙවත් රටට ඇතුළුවීමේදි සිදු කරන PCR පරීක්ෂණ සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත. එවැනි අදූර්දර්ශී හා අවිධිමත් කොවිඩ් පාලනයක් සිදු කරමින්, නව කොවිඩ් රැලි සදහා රටේ මහ ජනතාවට දොස් නගමින් සිටීම හාස්‍ය ජනක බව ඔහු වැඩිදුරටත් පැවසූවේය.