ඔමික්‍රෝන් ආසාධිත බව තහවුරු කර තිබූ පුද්ගලයා රටින් පිටවූයේ කෙසේද?

ඔමික්‍රෝන් ආසාධිත බව තහවුරු කර තිබූ පුද්ගලයා රටින් පිටවූයේ කෙසේද?

ඔමික්‍රෝන්‍ ආසාධිත බව තහවුරු කල විදේශිකයෙකු රටින් පිටව ගොස් ඇති බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වරයා ඊයේ මාධ්‍ය මගින් තහවුරු කලේය.

ඔමික්‍රෝන් ආසාධිත බව තහවුරු කල එක් ආසාධිතයෙකු 2021. 12. 09 දින මෙරටට පැමිණ ඇති අතර, රටට ඇතුළුවීමේදී PCR පරීක්ෂණ සිදු කිරීම සෞඛ්‍යා අමාත්‍යාංශය විසින් තහනම් කර ඇති නිසා ඒ පිළිබදව හදුනා ගැනීමට නොහැකි විය හැකිය. නමුත් 2021.12. 11 දින ඔහු රටින්පි ටවීම සදහා සිදුකල PCR පරීක්ෂාව මගින් ඔහු ආසාධිත බව ගුවන්තොටුපල රසායනාගාරය මගින් ඉතා පැහැදිළිව තහවුරු කර තිබියදී හා ඒ බව රාසායනාගාය විසින් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සහ අදාල සියළු බලධාරීන් දැනුවත් කොට තිබියදී ඔහු රටින් පිටවූයේ කෙසේද යන්න විශාල ගැටලුවකි.

එසේම මෙම ආසාධිතයා රට තුලට පැමිණ ඇත්තේම ආසාධනය සහිතව බවට සැක කිරීමට විශාල ඉඩ කඩක් පවතින අතර, ගුවන් මගීන් මෙරටට ඇතුළුවීමේදී සිදු කරන PCR පරීක්ෂාව අත්තනෝමතික ලෙස නවතා දැමූ සෞඛ්‍ය බලධාරීන්, මෙවැනි අවධානමක් ඇති කිරීම පිළිබදව වග කිව යුතුය.

මෙම ආසාධිතයා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ගෙන ඇති අතර, බම්බලපිටිය ප්‍රදේශයේ කැසිනෝ අවන්හලක කැසිනෝ ක්‍රීඩාව සදහා පැමිණි අයෙකු බව කියැවේ.

ඒ අනූව ඔහුගේ ආශ්‍රිතයින් විශාල සංඛ්‍යාවක් සිටිය හැකිවන අතර, එන්නත්කරණය කරනලද පුද්ගලයන් පරීක්ෂාවට ලක් නොකිරීමෙන් රටට ඇතිවිය හැකි අවධානම පිළිබදව සෞඛ්‍ය බලධාරීන සහ රජය සිය උද්දච්ච සිතුවිලි වලින් බැහැරව නැවත කල්පනා කලයුතු බව අප අවධාරණය කරමු

තවද, මෙම ආසාදිතයා, ආසාධනය තිබියදී රටින් පිටවීමට ඉඩ සැලසවීම.මගින් රටක් ලෙස අප වසංගතය පාළණය කිරීමේ වගකීම පැහැර හැර ඇති අතර, එමගින් විශාල සංඛ්‍යාවකට සහ රටවල් ගණනාවකට ඔමික්‍රෝන් සම්ප්‍රේෂණය කරවීමේ අවධානමක් නිර්මාණය කර ඇත.

මීට.පෙර අවස්ථාවක එන්නත් කිසිවක් සිදු කර නොමැති ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සදහා රටින් පිටවීමට සහ ඔමික්‍රෝන් සහිතව රටට ඇතුළු වීමට ඉඩ සලසවා තිබීම හා, මෙවර ඔමික්‍ර්‍රෝන් ආසාදිතයෙකුට රටින් පිටවීමට ඉඩ සැලසවීම.මගින් රටේ කොවිඩ් නීතිය ක්‍රියාත්මක කිරූම පිළිබදව විශාල සැකයක් මතුවන බැවින් ඒ පිළිබදව විධිමත් විමර්ෂණක් සිදු කරන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු.

එසේම එම හිඩස වසා ගැනීම වෙණුවට, ඉදිරියේදී දැනට සිදු කරමින් පවතින PCR පරීක්ෂණ හා ප්‍රභේද පරීක්ෂණ කෙසේ හෝ නවතා දැමීම මගින් සත්‍ය යටපත් කර වසංගත පාළණය.කිරීමට උත්සාහ කටයුතු. කරන ඇතැම් සෞඛ්‍ය බලධාරීන් උත්සාහ කල හැකි බැවින් ඒ පිළිබදවද අවධානය යොමුකර, රටට ඇතුළුවන සියළුම ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට හා විධිමත්ව ප්‍රභේද පරීක්ෂණ සිදු කිරීමට නියෝග කොට, රට අනවශ්‍ය අවධානමකට ලක් වීම හ ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ සෞඛ්‍ය සේවාව හෑල්ලුවීම වලක්වා ගන්නා ලෙසා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

රවී කුමුදේශ්

සභාපති

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය