කම්කරු නීති දැණුමෙන් උතුරේ වෘත්තීය සමිති සවිබල ගැන්වෙයි

කම්කරු නීති දැණුමෙන් උතුරේ වෘත්තීය සමිති සවිබල ගැන්වෙයි
සහයෝගිතා මධ්‍යස්ථානය හා වෘත්තීය සමිතිවල සංවිධානත්වයෙන් කම්කරු නීතිය හා වෘත්තීය සමිති ව්‍යාපාරය පිළිබඳ Zoom තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක කළ මාස 03ක පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කළ වෘත්තීය සමිති නියෝජිතයින්ට සහතික පත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයක් අද (18) දිනයේ යාපනය තින්නයි හෝටල් ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.
 
සහතික පත්‍ර ප්‍රදානය සඳහා යාපනය කම්කරු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්  තනේෂ් මහතා සහ යාපනය දිස්ත්‍රික් ලේකම් කේ.මහේසන් මහතා සම්බන්ධ වී සිටියහ.
 
මෙම පුහුණු වැඩසටහන පසුගිය අගෝස්තු මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා මාස 03ක කාලයක් පැවැත්වූ අතර ඒ සඳහා වෘත්තීය සමිති 15ක් නියෝජනය කරමින් සාමාජිකයින් 45ක පිරිසක් මෙලෙස අද දිනයේ සහතික පත්‍ර ලබා ගනු ලැබීය.
 
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය ඒ.සරවේෂ්වරන් මහතා විසින් සූම් තාක්ෂණය හරහා මෙම පුහුණු වැඩසටහන සිදු කරන ලද අතර එහිදී කම්කරු නීතිය සහ වෘත්තීය සමිති ව්‍යාපාරය,සිද්ධි අධ්‍යනය හරහා කම්කරු නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය ආකාරය හා වෘත්තීය සමිති ව්‍යාපාරය තුල කම්කරු නීති රිති පිළිබඳව දැනුවත්භාවයේ වැදගත්කම පැහැදිලි කරන ලදී.
 

පුහුණුව සඳහා එක්වූ වෘත්තීය සමිති සාමාජිකයින් කිහිප දෙනෙකුගේ අදහස් විමසීමේදී මෙම පුහුණුව හරහා කම්කරු නීති සම්බන්ධයෙන් ලැබූ දැනුම සම්බන්ධයෙන් අතිශය තෘප්තිමත් වෙන බවත් නොදන්න බොහෝ නීතී දැනුම මේ හරහා ලබාගත් බවත් සඳහන් කළේය. තවද මෙවැනි පුහුණු වැඩසටහනක් ලැබුණු පළමු අවස්ථාව මෙය වන බවත් ඒ සඳහා සහයෝහිතා මධ්‍යස්ථානයට මෙන්ම තමන් නියෝජනයක කරනු ලබන වෘත්තීය සමිති නායකත්වයට ස්තූති කරන බවත් ඔවුන් පැවසීය.

ඉතා හරවත් මෙන්ම වැදගත් පුහුණු වැඩසටහනක් මෙන්ම එහිදී සිද්ධි අධ්‍යනය හරහා නීති රීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය හා වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ කම්කරු නීති ප්‍රායෝගිකව භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් ලබාදුන් දැනුම සම්බන්ධයෙන් ප්‍රධාන දේශක ඒ.සරවේෂ්වරන් මහතාට මෙන්ම ඒ අවස්ථාව උදාකර දුන් සහයෝගිතා මධ්‍යස්ථානයට ස්තූතිය ප්‍රකාශ කරන ලදී.

 DSC02508

DSC02518

DSC02572

DSC02654

DSC02580

DSC02594