වැටුප් ඉල්ලීමට ගිය ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සේවකයකුට පහරදීලා

වැටුප් ඉල්ලීමට ගිය ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සේවකයකුට පහරදීලා

තමන්ට හිමි වැටුප් ලබාගැනීමට ගිය සේවකයකුට ආර්පිකෝ ඉන්ෂුවරන්ස් ආයතනයේ කළමනාකරුවන් දෙදෙනෙකු විසින් පහරදීමක් සිදුකර ඇති බවත්,  බරපතල වේදනාවන් හේතුවෙන් සේවකයා රෝහල් ගත කර ඇති බවත් එක්සත් මානව හිමිකම් සංවිධානය පවසයි.

2021 සැප්තැම්බර් මස 25 හෝ ඊට ආසන්නව දිනක සේවයට බඳවා ගන්නා ලද 20 පමණ වූ සේවක කණ්ඩායමේ එක් සාමජිකයෙක් මාසයක කාලයක් කළුතර ශාඛාවට සේවය සඳහා ගියද මේ වනතුරු කිසිම ගෙවීමක් කර නොමැති හේතුවෙන් තමන්ට අය විය යුතු මුදල් ලබා ගැනීමට දෙසැම්බර් 15 දින කළුතර ශාඛාවට (WADDUWA CITY) ගොස් ඇත්තේ පුර්ව දැනුම්දීමකට අනුව බවත්, එහිදී කතා බස් කරන අතරතුර තරුණයාගෙ කණ්ඩායමේ  කළමනාකරු සහ ශාඛා කළමනාකරු එම ශාඛාව තුළදී මෙම තරුණයාට ශාරීරිකව පහර දී ඇති බවත්, පහර කෑ තරුණයා මේ පිළිබඳව කළුතර උතුර පොලිස් ස්ථානයේ CIB I -  01/112 යටතේ පැමිනිලි කර ඇති  බවත් එක්සත් මානව හිමිකම් සංවිධානය කියා සිටියි.

මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය සමග සම්බන්ධ වීමට එක්සත් මානව හිමිකම් සංවිධානය බොහෝ වාරයක් උත්සාහ කළද සියළු උසස් නිළධාරින් මගහැර සිටින බව ද එම සංවිධානය චෝදනා කර සිටියි.

පාරිභෝගිකයාගේ ජීවිත ආරක්ෂා කිරීමට, රක්ෂණ සේවා ලබා දී මුදල් උපයන මෙම ආයතනයට එම මුදල් සොයා දීමට බඳවා ගන්නා සේවකයින්ගේ ජීවිත ආරක්ෂාව පිළිබදව ගැටළු කතා කිරීමට තරම් වේලාවක් නැති වීම බරපතල තත්වයකි. 

 තරුණයා මෙම නිළධාරින් දෙදෙනාගේ ඉල්ලීම මත IBSL විභාගයට පෙනී සිටීමට රු. 1000/=  ගෙවා ඇතත් මේ වන තුරු ඔහුට එම විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොදුන් බවද, නිළධාරින්ගේ බල කිරීම මත රක්ෂණ ඔප්පුවක් සඳහා රු. 3000/=  එක් නිලධාරියකු පෞද්ගලිකව ලබා ගත් බවත්, රට වසා ඇති කාල සීමාවේදී කෙසේ හෝ සේවා ස්ථානයට පැමිණෙන ලෙස හා අදාල ප්‍රවාහන ගාස්තු ගෙවනා බවට පොරොන්දු  වූවද රු.9,700/= එම මුදලද ගෙවා නැති බවත් වාර්ථා වේ.

එසේම මෙහි කණගාටුදායක තත්වය නම් අදාළ ගෙවීම් නොලද බැවින් ආයතනය හැරදා ගොස් ඇති එකම සේවකයා මෙම තරුණයා පමණක් නොවීමයි. 

දෙසැම්බර් 15 සවස 3.45 පමණ කළුතර උතුර පොලීසිය වෙත කරන ලද පැමිණිල්ල විභාග කිරීම සඳහා (පහර කෑ අය රෝහල්ගතව සිටියද ) පහර දුන් පුද්ගලයන් දෙදෙනාව 16 හවස තෙක් පොලීසියට කැඳවා නොතිබිණ.

srercf

rertrt

(the leader.lk)