දුම්රිය ස්ථානාධිපතිවරු අද මැදියමේ සිට සියලුම සේවා වලින් ඉවත්වෙති

දුම්රිය ස්ථානාධිපතිවරු අද මැදියමේ සිට සියලුම සේවා වලින් ඉවත්වෙති

මගී අවශ්යතා අනුව නියමිත දුම්රිය ධාවනය නොකිරීම, පාර්සල් දුම්රිය හිතුමතේ අවලංගු කිරීම දුම්රිය ස්ථානාධිපති සේවයේ දිගු කලක් නොවිසඳුණු කරුණු මූලික කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් පාර්සල් ප්රවාහන කටයුතු වලින් හා දෙසැම්බර් මස 24 වන දින සිට සාමාන්ය ප්රවේශපත් නිකුත් කිරීමේ කටයුතු වලින් ඉවත් වීමට ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටුව විසින් තීරණය කර ඇත

. දිර්ඝ කාලයක් මෙම එකම ගැටලු සම්බන්ධයෙන් අප සංගමට අවස්ථා ගණනාවක් දුම්රිය සාමාන්යාධිකාරී සමඟ සාකච්ඡා කල ද ඊට නිසි විසඳුම් ලබා නොදි ලිස්සා යන විසඳුම් ලබා දීමට දිගින් දිගටම කටයුතු කරන ලදී.

මෙම ගැටලු සම්බන්ධයෙන් අප සමඟ සාකච්ඡා නොකොට වෙනත් වෘත්තීය සමිති කැඳවා අපගේ ගැටලු විසඳා දෙන බව සඳහන් කරමින් දෙසැම්බර් මස 25 වන දින ලිපියක් අප වෙත භාර දී වහම වෘත්තීය ක්රියාමාර්ග නවතන ලෙස දන්වන ලදි.

නමුත් අද දින උදෑසන රැස් වූ ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටවේ රැස්වීමක් පැවති අතර එහිදී තීරණය වූයේ අප අද මධ්යම රාත්රී (27 වන දින 00.00 පැය) සිට සියලුම සේවා වලින් ඉවත් වීමේ වෘත්තීය ක්රියාමාර්ගය හෙට දින දුම්රිය සාමාන්යාධිකාරී සමඟ පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිත සාකච්ඡාව දක්වා කල් දැමීමටය.

ඒ අනුව තව දුරටත් පාර්සල් ප්රවාහන කටයුතු හා සාමාන්ය ප්රවේශපත් නිකුත් කිරීමේ කටයුතු වලින් ඉවත් වී සිටිමට අප සංගමය තීරණය කර ඇත.

කසුන් චාමර ප්රධාන ලේකම්,

ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය