දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසියේ ගත් තීරණය

දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසියේ ගත් තීරණය

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩවර්ජනය හෙට (27) උදෑසන 10 දක්වා තාවකාලිකව නතර කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණයකර තිබෙන බව සංගමය නිවේදනය කර තිබේ.

සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේ බලධාරීන් සමග හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව වැඩවර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවත්සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බවයි.

සිය වෘත්තියට අදාළ උසස්වීම් සහ බඳවා ගැනීම් සිදු නොකිරීම හා නියමිත පරිදි දුම්රිය ධාවනය නොවීම මෙන්ම සංඥා ක්‍රම පිළිබඳ ගැටළු ඇතුළු ඉල්ලීම් 25ක් මුල්කරගනිමින් අද මැදියමේ සිට වර්ජනයක් දියත් කිරීමට සූදානමින් පසුවිය.