නාවලපිටිය, බෝහිල් වතු කම්කරුවෝ විරෝධතාවයක

නාවලපිටිය, බෝහිල් වතු කම්කරුවෝ විරෝධතාවයක

නාවලපිටියේ බෝහිල් වතුයායේ කම්කරුම්කරුවන් පිරිසක් උසාවිය දුන් තීන්දුවක් නිසා තම පදිංචිය අහිමිවීමේ අවදානම ගැන විරෝධතාවයක් පවත්වන ලදි.

පසුගියදා මහාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා නාවලපිටියේ මහසේත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ඇතුළු නිලධාරින් එම ඉඩමට යන අවස්ථාවේ දි මෙම විරෝධතාවය පවත්වන ලද අතර, මෙම විරෝධතාවය නිසා අධිකරණ නිලධාරින්ට ආපසු හැරී යාමට සිදුවූ බව සඳහන්වේ.

අවුරුදු 12ක් පුරා පැවැති මෙම නඩු විභාගයේදී අදාළ වතු යාය නඩුව පිළිබඳව අධීකරණ නියෝගය ක්‍රියාත්මක කිරිමට එම වතු යායට නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා සහ නිලධාරින් පිරිසක් පැමිණෙන බවට වතු කම්කරුවන් දැන ගැනීමෙන් පසුව ඔවුහු නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය බොහිල් වතු යාය අසලින් හරස් කර උද්ඝෝෂණය දියත් කර ඇත.

"අපි වත්තේ සේවකයෝ. අපිට වෙන යන්න තැනක් නෑ," කියමින්  විරෝධතාකරුවන් උද්ඝෝෂණය කරන ලදි.

විරෝධතාකරුවන්ගේ ඉල්ලීම  සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවට රෙජිස්ට්‍රාර්වරයා පොලිසියට හා ජනතාවට දැනුම් දීමෙන් පසු විරෝධතාවය අවසන් වු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

bohi 2