සියලු රාජ්‍ය සේවකයින් නව වසරේ සාමාන්‍ය පරිදි සේවයට කැඳවයි

සියලු රාජ්‍ය සේවකයින් නව වසරේ සාමාන්‍ය පරිදි සේවයට කැඳවයි

2022 නව වසරේ සියලු රාජ්‍ය රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

පසුගිය කාලයේ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි සේවකයින් කැඳවීමට තිබූ අවස්ථාව අහෝසි කරමින්  සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ඝෝපදේශ වලට අනුකූලව සාමාන්‍ය පරිදි සියලු කාර්ය මණ්ඩල සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පවසා ඇත.

එයට අදාළ චක්‍රෙල්ඛය අද දින නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.