සියලුදෙනාම එක වැඩපිළිවෙක එක වේදිකාවක් වටා රොක්වෙමු - උදේනි දිසානායක

udeni-dissanayaka

පළමුව එළඹෙන 2022 නව වසරට රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සංස්ථා හා පුද්ගලික අංශයේ සේවකයින්ට, වෘත්තීය සමිති සාමාජිකයින්ට හා වෘත්තීය සමිති නායකයින්ට පළමුව සුභ පතමු.

අප සිටින්නේ පසුගිය කොවිඩ් වසංගත තත්ත්වයත් සමග රටේ ඇති වී ඇති ආර්ථීක අවපාතයත් සමග ඇතිවී ඇති උද්ධමනය වැඩකරන ජනතාවට තදින් දැනෙමින් තිබෙන වකවානුවක අපගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරගැනීමට ඒකාමෙන් පෙළගැසීමට අවශ්‍ය මොහොතකය.

ඒ සඳහා ඉදිරියේදී ඇතිවන ඇති වන සටන් වලදී සේවා අයිතිවාසිකම් සහ කම්කරු ජනතාවට අතිවන පීඩාවන්ට එරෙහිව සටන් කිරීමටත් එක්සත්ව එකාමෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලක සිට සටන් කිරීමට පෙළගැසෙමු.

උදේනි දිසානායක, සභාපති, සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමය