අද වැඩකරන ජනතාව දැඩි පීඩනයටත්, කම්පනයටත් පත්ව සිටිනවා - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

ven-ulapane-sumangala

එළඹෙන 2022 නව වසර ගුරු-විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයේ නියැලී සිටින සියලු සේවකයින්ටත්, දෙමාපියන් හා සිසුදරුවන්ටත්, සියලුම රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවක මහත්ම මහත්මීන්ටත්, සියලු වෘත්තීය සමිති නායකයින්ටත් පළමුව ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික ව්‍යාපාරය ලෙස අපි සුබ පතමු.

දශක දෙකකටත් වඩා ඇදී ගිය ගුරු-විදුහල්පති වැටුප් සටන පසුගිය වසංගත සමයත් සමග අවසානයක් කිරීමට හැකි වීම සතුටට කරුණකි. එය අප ඔබ සියළුදෙනාගේම කැපවීමේ ප්‍රතිඵලයකි. නමුත් පාලකයින් පොරොන්දු වූ පරිදි එය ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇතැයි අප විශ්වස කරමු.

කෙසේ වෙතත් කොවිඩ් වසංගතයත් සමග ඇතිවී ඇති ආර්ථික අර්බුදය හමුවේ වැඩකරන ජනතාව දැඩි කම්පනයටත්, දැඩි පීඩනයටත් පත්ව ඇත. එය පාලකයන්ගේ වැරදි ආර්ථික කළමනාකරණය බව අපගේ විශ්වාසයයි.

මෙම අර්ථික පීඩනයට හසූවී ඇති වැඩකරන ජනතාවගේ සටන් ඉදිරියෙදී අනිවාර්යෙන්ම ඇවිලී යනු ඇත. ඒ තමන්ගේ පඩිපත වැඩි කරගැනීමේ සටනයි. එම සටනට බෙදි වෙන්වී නොසිට, වෙනත් න්‍යාය පත්‍ර වලට වැඩ නොකොට එක් වේදීකාවක් ගොඩනැගීම අත්‍යාවශ්‍ය කටයුත්තක් වේ.

ඒ වේදිකාව ගොඩනැගීම සඳහා කිසිඳු කොන්දේසියකින් තොරව ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික ව්‍යාපාරය සහභාගී වන බව අපි ප්‍රකාශ කරමු.

පූජ්‍ය උලපනේ සුමංගල හිමි, කැඳවුම්කරු,  ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික ව්‍යාපාරය