රාජ්‍ය සේවයට සුදුසුකම් ලැබූ පත්වීම්ලාභීන්ගේ නාමලේඛනයක් නිකුත්වෙයි

රාජ්‍ය සේවයට සුදුසුකම් ලැබූ පත්වීම්ලාභීන්ගේ නාමලේඛනයක් නිකුත්වෙයි

රැකියා විරහිත උපාධිධාරීන්/ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීම 2020 යටතේ රාජ්‍ය සේවය බඳවාගත් උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ස්ථීර පදනමින් ඌව පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට පත් කිරීම සඳහා වන නිවේදනය ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත්කර තිබේ.

ඒ අනුව අභ්‍යාසලාභී උපාධිධාරීන් ලෙස බඳවාගෙන ඇති උපාධිධාරීන් ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් ලෙස පත්කිරීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමට පැවති සම්මුඛ පරීක්ෂණයෙන් පත්වීමක් ලබා දීමට නිර්දේශිත බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ කලාපයේ සහ වැලිමඩ කලාපයට අයත් පාසල්වල සේවයේ නියුතු අභ්‍යාසලාභී උපාදිධාරීන් හැර අනෙකුත් උපාධිධාරීන්හට 2022.01.04 වන දින පෙ.ව.08.00ට සහ පෙ.ව.10.00ට බදුල්ල සයිමන් පීරිස් ශාලාවේදී එම පත්වීම් ලිපි ප්‍රදානය කරන බව නිවේදනය කර ඇත.

 

සුදුසුකම් ලැබූ පත්වීම්ලාභීන්ගේ නාමලේඛනයට මෙතැනින් පිවිසෙන්න

11