මොදුවෙමින් එන මර්දනයට මුහුණ දීමට පුළුල්  ජනතා ව්‍යාපාරයක අවශ්‍යතාවය මතුව තිබෙනවා - ඇන්ටන් මාර්කස්

anton-marcus

2021 වසර නිමාවීමත් සමග එම වසර පුරාම දකින්නට ලැබුනේ ලෝකයේ බලවතුන් කියාගන්න රටවල් ලෝකය බෙදාගන්න යුධකාමි උත්සාහයන් ගණනාවක් සමගයි. විශේෂයෙන් ආසියානු කලාපයේ රටවල් තම ග්‍රහණයට නකු කර ගැනීම සදහා ලෝක බලවතුන්ගේ විවිධ උත්සාහයන් දිනෙන් දින වර්ධනය වෙමින් පවතන තත්ත්වය ක් තුල ශ්‍රී ලංකාව පෙන්නුම් කරමින් සිටින්නේ   එම බලවතුන් ගෙන යන උපක්‍රමශීලී වැඩ පිළිවෙළට මුහුණ දීමට ඇති නොහැකියාවයි.

විශේෂයෙන් කොවිඩ් 19 වසංගතය  ඇති වූ බලපෑම නිසාම බලවතුන් ගේ ඒ උත්සාහයන් ට මුහුණ දීමට ඇති සියළු හැකියාවන් ශ්‍රී ලංකාව අහෝසි කර ගෙන ඇති තත්ත්වයකය.

මේ නිසාම, මෙම අර්බුදකාරී තත්ත්වය න් තුල වඩාත් පීඩිතයට පත් වන්නේ පොදු මහ ජනතාවය.

ඒ අය අතුරිනුත් වැඩ කරන ජනතාව තව තවත් පීඩිතයනයටපත්වී ඔවුන් භුක්ති වදින අයිතිවාසිකම් උදුරා ගනිමින් තව තව මර්දන කාරී තත්ත්වයට රට ගමන් කරමින් සිටින බවය. මේ නිසා අපට තිබෙන එකම මාර්ගය වන්නේ කම්කරු පන්තිය ක් ලෙස සංවිධානය වී එසේ සැබෑ  එක්සත් කමක් ගොඩනැගීමය. එය ජාති,ආගම් කුල, සමිති, සමාගම්, පක්ෂ, පාට,  නැතිනම් ලංකාවට තුලට පමණක්  සීමාවූ එක්සත් කමක්  නෝව ගෝලීය එක්සත්  කමක් දක්වා ගෙන යාමේ  අවශ්‍යතාව මකුව තිබෙනවා. විශේෂයෙන් ලංකාව තුල මෝදු වෙමින් එන බරපතළ මර්දනයට මුහුණ දීමට නම් පුළුල්  ජනතා ව්‍යාපාරයක දැඩි අවශ්‍යතාවය මතුව තිබෙනවා .  සැබෑ ජනතා ව්‍යපාරයක් ගොඩ නගමින් ජාත්‍යන්තර සහයෝගිතා එකතුවක් තුලින්  ගොඩ නැගීමට අදිටන් කර ගැනීමටත් ඒ සදහා සක්‍රීය දායකත්වය ලබා දෙමින් ඒ සදහා කටයුතු  කිරීමට නව වසර උදාවන මේ මොහොතේ අධිෂ්ඨාන කර ගනිමු !

ඇන්ටන් මාකස්, සම ලේකම්, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය