අළුත් අවුරුද්ද සහ පරණ අරගල - රවි කුමුදේස්

ravi-kumudesh

අළුත් අවුරුද්ද එන්නේ අභියෝග රැසක් මැද. උත්තර නැති, උත්තර මගහැරපු, පරණ ගැටළු බොහොමයක් ගැටළු විදිහටම තියෙද්දි.

"රටේ ආර්ථිකය හොද නැහැ" "ලොකු ඩොලර් හිගයක් තියනවා" මේවා තමයි අරගල කරන අපි හැමෝටම අළුත් අවුරුද්ද පුරාවට ලැබෙන්නට නියමිත උත්තර.

රටේ මිනිස්සු ඉන්නේ කබලෙන් ලිපට වැටිලා. මාධ්‍ය තියෙන්නේ අන් කවරදාටත් වඩා පක්ෂ පාට වලට බෙදිලා. ඇමතිවරු නිළධාරීන් ඉන්නේ ලොකු නින්දක, හරියට කෑමට විතරක් ඇහැරෙන සත්තු ජාතියක් වගේ. 

සමහරු ඉන්නේ ආණ්ඩුව නිකන්ම පෙරලෙනකම්. එහෙම නැත්නම් කවුරුහරි පෙරලලා දෙනකම්. ගත්තාට පස්සේ මොනවාහරි කරමු කියලා හිතාගෙන ඉන්නවා මිස, බරක් පතලක් තියෙන පාටක්නම් පේන්න නැහැ.

මේ හැම එකක්ම අපේ ප්‍රශ්ණ යට ගහන්න පාවිච්චි කරයි. උත්තර දෙන්න කවුරුත් නැති නිසා, දැනටමත් ප්‍රශ්ණෙයි, උත්තරෙයි දෙකම අපේ වෙලා තියෙන්නේ. පරණ ක්‍රමේටනං අපිට උත්තර හොයා ගන්න බැරිවේවි. වෘත්තීය සමිති ටිකත් බෙදිලා කඩේ යන්න ගියොත්, අපෙන් උත්තර බලාගෙන ඉන්න සාමාජිකයින්ට දෙය්යන්ගෙම පිහිට තමා.

මේ සේරම ගැන හිතනකොට අළුත් අවුරුද්දේදී, අළුත් විදිහට කරන, අළුත් අරගලයක් ඕනේ වෙනවා කියන එකනම්, හොදටම පැහැදිළියි.

අළුත් අවුරුද්දේ අපි ඒ වෙනුවෙන්, එකට-එකාවන්ව පෙළ ගැසෙමු !

රවී කුමුදේශ්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය