විදුහල්පති,ගුරු සේවය සංවෘත සේවාවක් කිරීම ගැන ගුරු සංගමයෙන් පැසසුම්

විදුහල්පති,ගුරු සේවය සංවෘත සේවාවක් කිරීම ගැන ගුරු සංගමයෙන් පැසසුම්

විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බව, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ වසර 9 කට ආසන්න කාලයක් තිස්සේ මෙලෙස අදාළ සේවා සංවෘත සේවාවන් බවට පත් කිරීමට අරගලයක් සිදුකළ බවයි.

විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් කරමින් පසුගිය 14 වෙනි දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර පසුගිය වසරේ අගෝස්තු මස 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

පසුගියදා ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට රජය පියවර ගනු ලැබූ අතර, විදුහල්පති, ගුරු උපදේශක සහ ගුරු සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීමෙන් ඔවුන්ගේ තවත් ප්‍රධාන ඉල්ලීමක් ඉටුවනවා.