“වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සම්මානය” ඇමති සුදර්ශිනීට

“වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සම්මානය” ඇමති සුදර්ශිනීට

ව්‍යවස්ථාදායක ක්‍රියාදාමය ශක්තිමත් කිරීම උදෙසා ව්‍යවස්ථාදායකය තුළ කාන්තා නියෝජිතවරියක් ලෙස සිය ජනතා නියෝජිත කාර්යභාරය මැනවින් ඉටුකරමින් කාන්තාවන් සහ ළමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිය හඩ අවදිකරමින් නීති සම්පාදන ක්‍රියාවලියට සක්‍රීයව දක්වන දායකත්වය ඇගයීම උදෙසා කාන්තා දේශපාලන පීඨය (Women’s Political Academy) විසින් වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විශේෂ ඇගයීම් සම්මානය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පිරිනමන ලදි.

එම සම්මානය පිරිනමනු ලැබුවේ කාන්තා දේශපාලන පීඨයේ සභාපති ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය විසින් වූ අතර එම සම්මානය අමාත්‍යවරිය වෙනුවෙන් ලබාගනු ලැබුවේ අමාත්‍යතුමියගේ මාධ්‍ය ලේකම් තුසිත ජයවර්ධන මහතා විසිනි.