අඟහරුවාදා වනතුරු විදුලි කප්පාදුවක් නෑ – විදුලිබල ඇමති

අඟහරුවාදා වනතුරු විදුලි කප්පාදුවක් නෑ – විදුලිබල ඇමති

ලබන අඟහරුවාදා (18) දක්වා බාධාවකින් තොරව විදුලිය සැපයීමට හැකි බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංවිමට අවශ්‍ය ඉන්ධන තොග ලබා නොදෙන්නේ නම් විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවත් විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා (16) දින ප්‍රකාශ කළේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන මෙට්‍රික් ටොන් 3000ක් ලබාදී ඇති බැවින් අඟහරුවාදා (18) දක්වා විදුලි කප්පාදුවක් සිදු නොවන බව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

 “ජනවාරි 22 දක්වා අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීම සඳහා අපි (17 ) දින ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡාවක් පවත්වනවා. ඔවුන් එය ප්‍රතික්ෂේප කළහොත් විදුලිය කප්පාදුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අපට සිදු වෙනවා,” ඔහු පැවසීය.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ බිඳවැටීමක් හේතුවෙන් අක්‍රිය වී තිබූ 3 වැනි ඒකකය ජනවාරි 22 වැනිදා වන විට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක් එක් කරමින් යථා තත්ත්වයට පත් කරන බවට ඉංජිනේරුවන් සහතික වී ඇතැයි ඇමැතිවරයා කීය.