වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිංසනය මුලිනුපුටා දැමීමට වෘත්තීය සමිති එක්වෙයි

වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිංසනය මුලිනුපුටා දැමීමට වෘත්තීය සමිති එක්වෙයි
වැඩ ලෝකය තුළ කාන්තාවන් හා පුරුෂයින්ට එරෙහිවූ ප්‍රචණ්ඩත්වයන් හා හිංසනයන් තුරන් කිරීම උදෙසා වෘත්තීය සමිති කිහිපයක් විසින් සිය ව්‍යවස්ථාවන් තුළට නීතී හා ප්‍රතිපත්තීන් ඇතුළත් කිරීම හා එහි වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අත්දැකීම් බෙදා හදා ගැනීමේ හරවත් සාකච්ඡාවක් ඊයේ(27) කොළඹ ජානකී හෝටල් ශ්‍රවනාගාරයේදී පැවැත්වුනා.
 
මෙම අවස්ථාව සහයෝගිතා මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ අතර NUSS, Protect, JSS, CESU,FTZ සහ GNOA යන වෘත්තීය සමිති නියෝජනය කරමින් නායක නායිකාවන් රැසක් සහ සිවිල් සමාජ නියෝජනය කරමින් ස්ත්‍රී මධ්‍යස්ථානය,රෙඩ් සංවිධානයේ නායිකාවන් කිහිපදෙනෙක්ද සහභාගි වී සිටියහ.
 
1
 
මෙම අවස්ථාවට සහභාගි වූ වෘත්තීය සමිති විසින් සිය ව්‍යවස්ථාවන් තුළට ප්‍රතිපත්ති හා නීතීන් ඇතුළත් කිරීමේදී ස්ත්‍රී පුරුෂභාවය මත පදනම්වූ ප්‍රචණ්ඩත්වය හා හිංසනය තුරන් කිරීමට අදාළව C190 සම්මුතියේ තෝරාගත් වගන්තීන් සම්බන්ධයෙන් හා එහිදී මුහුණදුන් බාධක හා අභියෝග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර මෙම ප්‍රතිපත්ති හා නීතීන් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සේම ජාතික නීති පද්ධතියට ඇතුළත් කිරීමේ අවශ්‍යතාවයත් ඒ වෙනුවෙන් වෘත්තීය සමිති මේවනවිට ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අත්දැකිම් බෙදා හදා ගන්නා ලදී.
 
aa 
වැඩ ලෝකය තුළ ප්‍රචණ්ඩත්වය හා හිංසනය මුලිනුපුටා දැමීම සඳහා ඒ ඒ වෘත්තීය තුළ ඇති දැක්ම ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කළ අතර වෘත්තීය ප්‍රචණ්ඩත්වයන් වාර්තා කිරීමේ යාන්ත්‍රණයක් වෘත්තිය සමිතිතුළ ඇති කිරීමේ වැදගත්කමද මතුකරන ලදී.
1
 
2
 

3

5