සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ගේ කොවිඩ් තොර වීමේ උපාය විද්‍යානූකූල නැහැ

ravi-kumudesh

පසුගිය 27 වෙනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ කොවිඩ් තොර වීමේ (Exit Strategically) මාර්ගෝපදේශය නිකුත් කර ඇත්තේ කිසිදු විද්‍යානූකූල පදනමකින් තොරව බව පෙනෙන්නට තිබෙන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති රවි කුමුදේස් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,  ඒ අනූව කොවිඩ් ආසාදිතය වූ පුද්ගලයෙකු සමාජයට මුදා හැරීම සදහා මෙතෙක් නිර්දේශව තිබූ දින 10ක කාල පරිච්ඡේදය දින 7 දක්වා අඩු කර ඇත.

මේ හේතුවෙන් රෝගය සම්ප්‍රේෂණ කල හැකි ආසාදිතයින් සමාජයට යොමු කිරීමක් සිදුවන බැවින්, එය වසංගතය පාළණය කිරීමට එරෙහි බරපතල බාධාවක් විය හැකිය.

මෙම මාර්ගෝපදේශය හේතුවෙන් ආසාදිතය සෞඛ්‍ය කාර්‍යමණ්ඩල දින 7කදී සේවයට වාර්ථා කිරීම අනිවාර්‍ය වී ඇති අතර, එමගින් සෞඛ්‍ය කාර්‍යමණ්ඩල අතර බරපතල ලෙස රෝග සම්ප්‍රේශණය වීම, ඉදිරියේදී සේවාවන් පවත්වා ගැනීමට මෙන්ම සෞඛ්‍ය සේවාවේ "දැරිය හැකි ධාරිතාවේ මට්ටම" විශාල ලෙස පහල යාමටද හේතු විය හැකිය.

කෙසේ නමුත්, මෙවැනි තීරණයක් විද්‍යාත්මක භාවිතාවක් යටතේ අධ්‍යනය කිරීමට අවශ්‍ය වන්නේ නම්, එය දින භාගයකින් කල හැකිව තිබියදී, මහජන පොලක බඩුමිල එහා මෙහා කරන අන්දමට, කොවිඩ් මාර්ගෝපදේශවල දින ගණන් එහා මෙහා කිරීම පිළිගත නොහැකි තත්වයකි. මෙම දින ගණන වඩා විද්‍යානුකූල ලෙස තීරණය කිරීමට අවශ්‍ය වන්නේ නම්, දින දහය සහ දින හත සම්පූර්ණ කල අසාධිත නියැදි දෙකක් පරීක්ෂාකර, වාර්ථා කිරීමේ අවසරය ලබා දෙන ලෙස අප සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිමු.

(සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ මාර්ගෝපදේස පත්‍රිකාව පහතින් දැක්වේ)

COVID 19 Patients and Contacts 220127 Page 1

COVID 19 Patients and Contacts 220127 Page 2