සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අමාත්‍යාංශයෙන් කැපිල්ලක්

phi-

මධ්‍යම රජය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය, ඊට අනුබද්ධ ආයතන සහ විශේෂිත ව්‍යාපාර වලට අනියුක්තකර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතරු සංඛ්‍යාව කප්පාදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු විසින් කුප්‍රකට ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක වෘත්තීය සමිති, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු උසස් නිලධාරීන් සමග 2022 ජනවාරි මස හතර වැනිදා පැවති සාකච්ඡාවේදී මධ්‍යම රජය යටතේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතරු සංඛ්‍යාව කප්පාදු කිරීම සඳහා අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සකස් කෙරුණු නිර්ණායක නැවත සමාලෝචනය කිරීමටත් දැනට අනුමත තනතරු සංඛ්‍යා අඩු නොකිරීමටත් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී තිබේ (අදාළ සාකච්ඡා සටහන අමුණා ඇත).

නමුත් එසේ තිබියදී අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමන් යටතේ සිටින අධ්‍යක්ෂවරුන්ට බලපෑම් කරමින් ඔවුන් මගින් එම ආයතන වලට අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතරු සංඛ්‍යා අඩුකිරීමට නිර්දේශ ලබාගනිමින් සිටින බව තමන්ට වාර්තාවී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා සඳහන් කළේ මෙම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා හුදෙක් ද්වේශ සහගතව හෝ ඔහු නියෝජනය කරනු ලබන වෘත්තීය සංගම් අවශ්‍යතා පදනම් කරගෙන මෙසේ ක්‍රියාකරන බව පැහැදිලිව පෙනෙන්නට ඇති බවත් මින් පෙරද මෙම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සේවය කළ ගුවන්තොටුපොළ, වරාය වැනි ස්ථානවලද මෙවැනි පුද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම නිසා තවමත් විසඳාගත නොහැකි තරම් ගැටළු නිර්මාණය වී ඇති බවත් ය.

health director 26.12.21 Page 1

health director 26.12.21 Page 2