බගවන්තලාවේ වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවයේ

බගවන්තලාවේ වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවයේ

බගවන්තලාව ඩින්සින් වතුයායේ කම්කරුවන් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගියදා හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයට නුදුරින් පිහිටි ඩින්සින් වතුයායේ පිවිසුම අසලදී ඔවුන් මෙම විරෝධතාවයේ නිරත විය.

තමන් කඩාගන්නා අමු තේ දළු  කිලෝග්‍රෑම් 05කට එක් කිලෝගැම් එකක් අඩුකරන බවත්, කිලෝග්‍රෑම් 20ක් කැඩු විට මෙම අඩුකිරීම නිසා එය කලෝ 15ක් දක්වා අඩු වෙන බවත් මේ නිසා තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති නිසා මෙම විරෝධතාවය විරෝධතාවට එක්වූ කම්කරුවන් ප්‍රකාශ කළහ.

වතු කළමනාකාරීත්වය කම්කරුවෙකුට අමු තේ කිලෝග්‍රෑම් 18ක් නෙලන ලෙස බල කරන බවත් අමු තේ කිලෝග්‍රෑම් 17 නෙළන කම්කරුවන්ට දින භාගයක් ගෙවන බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

මෙම තත්ත්වය නිවැරිදි කරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් මෙම උද්ඝෝෂණය සිදුකරන ලදි.

bagawanthalawa t es 2