ලීසිං කර වහන ගත් අය අද අන්ත අසරණ වෙලා

ලීසිං කර වහන ගත් අය අද අන්ත අසරණ වෙලා

 “අවුරුදු 22 ක් තිස්සේ රක්ෂණ පනත සම්මත වූවායින් පසු රක්ෂණ සමාගම් විසින් ජනතාව ගොනාට අන්දවා තිබෙනවා. 2000 වසරේ ඉඳන් මුළු ඉතිහාසය පුරාම 2000/අන්ක 43  දරන පනත අනුව මිනිස්සු අන්දලා සහ ඇන්දිල ඉඳල තියෙන්නේ.අද වෙනකොට GARAGE වල ලක්ෂ 2කට වඩා වැඩි වාහන සංඛ්‍යාවක් හිර වෙලා. ඒකට හේතුව NO OBJECTION ලිපිය. වාහනයක් රිය අනතුරකට ලක්වූවායින් පසු රක්ෂණ මුදල ලබා ගැනීම සදහා ලීසිං ආයතනයෙන් ලිපියක් අවශ්‍ය බව ප්‍රකාශ කරනවා. මේ NO OBJECTION ලිපිය නිසා ලංකාවේ බොහෝ ලීසිං ආයතන අනතුරටපත් වාහන වල CLAIM සියල්ල තමන්ට ලබාගෙන, වාහන GARAGE වලට හිර කරලා තියෙනවා. රක්ෂණ ආයතනත් මේකට එකතුයි. නමුත් මින් ඉදිරියට මෙම ලිපිය(No Objection Letters) අවශ්ය වන්නේ නැති බව අපිට රක්ෂණ නියාමන කොමිෂන් සභාව ලිඛිතව දන්වා තිබෙනවා. වාහනයේ ෆිනෑන්ස් ඇරියස් වී තිබුනත් අනතුරක් වූ පසු අදාල රක්ෂණය ලබා ගැනීම සදහා තව දුරටත් ලීසිං ආයතනයෙන් ලිපි අවශ්‍ය වෙන්නේ නෑ.”

බොරැල්ල - එන්.එම්.පෙරේරා ශාලාවේදී ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවේදී එහි ප්‍රධාන ලේකම් අසංක රුවන් පොතුපිටිය මහතා මෙසේ අදහස් දක්වන ලදී.

මෙහිදී ඔහු තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, “අද පෙට්රල් ටික නෑ! ඩීසල් ටික නෑ! මිනිස්සු අපහසුතාවයට පත් වෙලා. වාහනයක් දුවන්න විදියක් නෑ. නමුත් තවමත් ලීසිං ආයතන කිසිම සහනයක් ලබා දෙන්නේ නෑ. වාහන අත්පත් කරගනිමින් සිටිනවා. මහ බැංකුවත් මේවා ගැන සොයා බලන්නේ නෑ. මහ බැංකුවත් නිසි සහනයක් ලබා දී නැහැ. ඒ මදිවට අද ගෑස් ටික නෑ. ආපනශාලා කරන්න බෑ. ඉතිං මිනිස්සු ණය වාරික ගෙවන්නේ කොහොමද? මේ මිනිස්සුන්ට අනිවාර්යයෙන් සහනයක් ලබා දිය යුතුයි!” යනුවෙනුයි.