ඉදිරියේදී මාස කිහිපය තුල ඩෙංගු අවධානමක්?

ඉදිරියේදී මාස කිහිපය තුල ඩෙංගු අවධානමක්?

මෙම වසරේ ගතවූ මාස තුනක කාලය තුලදී දිවයින පුරා ඩෙංගු රෝගීන් 11500 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව විශාල වැඩි වීමකි.

මෙම වසරේ වාර්තා වූ රෝගීන් වැඩි වශයෙන් කොළඹ, යාපනය, කලුතර, ගම්පහ, පුත්තලම, කුරුණෑගල, මහ නුවර යන දිස්ත්‍රීක්ක තුලින් වාර්තා වන බව දක්නට තිබෙනවා. ඒ හේතුවෙන් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි බල ප්‍රදේශ 60 ක් පමණ මේ වන විටත් අවධානම් කලාප ලෙසට නම් කර තිබෙනවා.

ඉදිරියේදී ඇතිවන අන්තර් මෝසම් වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්වය දරුණු වසංගත තත්වයක් දක්වා වර්ධනය විය හැකි බව

දිවයින පුරා සෞඛ්‍ය කීට විද්‍යා නිළධාරින් විසින් කරනු ලබන කීට විද්‍යා සමීක්ෂණ වල ප්‍රතිඵල අනුව පෙනී යනවා.

මේ වන විට මදුරු කීටයන් බෝ විය හැකි අවධානම් ජනන ස්ථාන ප්‍රමාණය අතිශයෙන් ඉහල ගොස් ඇති බවත්, ඉදිරි මෝසම් වැසි සමය සමග එම ජනන ස්ථාන සක්‍රීය වීම හේතුවෙන් මදුරු ගහණ ඝනත්වය තවදුරටත් ඉහල යාමක් අපේක්ෂා කල හැකිය. එය ඩෙංගු රෝගීන් ප්‍රමාණය විශාල වශයෙන් ඉහල යාමට හේතුවක් වනු ඇත.

මෙම තත්වය වළක්වා ගැනීම සදහා අන්තර් මෝසම් වැසි සක්‍රීය වීමට පෙර, ඉහල ගොස් ඇති මදුරු කීට ජනන ස්තාන සහ අනෙකුත් මදුරු ඝහනය ඉහළ යාමට බලපාන පාරිසරික තත්වයන් පාළනය කිරීමට විදිමත් වැඩ පිළිවෙළක් ආරම්භ කල යුතුය. එසේම මේ මහජනතාව දැනුවත් කර තම අවට පරිසරය පිරිසිදු කර ගැනීම සදහා උනන්දු කල යුතුය

දැනට සමාජ ගත වී තිබෙන කොවිඩ් වසංගතයට සමගාමීව ඩෙංගු වසංගතයක් උත්සන්න වීමෙන් වඩාත් බරපතළ තත්වයක් නිර්මාණය විය හැකි බැවින්, මේ පිලිබදව සෞඛ්‍ය අමාත්‍ය්‍යාංශයේ වැඩි අවධානයක් යොමු වීම ඉතා වැදගත් වේ.

දිස්නක දිසානායක, ජාතික සංවිධානයක, සෞඛ්‍ය කීට විද්‍යා නිළධාරින්ගේ සංගමය