අද රාජ්‍ය සේවා උපාධිධාරීන් ලෙඩවී පාරේ උද්ඝෝණයට සුදානම්

අද රාජ්‍ය සේවා උපාධිධාරීන් ලෙඩවී පාරේ උද්ඝෝණයට සුදානම්

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ MN-04 වැටුප් තලයට අදාළ සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් 100 000 අධික පිරිසකට බලපා ඇති වැටුප් විෂමතාවය ඇතුළු වෘත්තීය ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ආණ්ඩුවට බල කරමින් 2022 මාර්තු 14 (සඳුදා) අසනීප නිවාඩු වාර්තා කිරීමක් සිදු කරමින් එදින සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බව සංවර්ධන නිලධාරී සේවා සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ,

එදිනට සමගාමීව රටපුරා දිස්ත්‍රික් ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

  • රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන්ගේ වැටුප් විෂමතාවය නිවැරදි කර උපාධියට සමාන වැටුප් ලබාදීම,
  • උසස්වීම් පටිපාටිය ක්‍රියාත්මක කිරීම,
  • වසර 12 කින් පළවෙනි ශ්‍රේණියට උසස්වීම් සඳහා පැවති අහිමි කළ සුවිශේෂී කාර්ය සාධනය යළි ලබාදීම,
  • සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම,
  • ගමන් වියදම් දීමනා ඉහළ දැමීම,
  • 2016 සිට අහිමි කර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාදීම,
  • ආර්ථික සංවර්ධන නිලධාරී හා සංවර්ධන නිලධාරී තනතුරු දෙපාර්තමේන්තුගත තනතුරක් කර හිමිකම් සහතික කිරීම ඇතුළු ඉල්ලීම් 09 ක් මුල්කර ගනිමින් දීප ව්‍යාප්ත එක්දින අසනීප නිවාඩු වාර්තා කිරීම හා දිස්ත්‍රික් උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

06/2006 වැටුප් චක්‍රලේඛයෙන් උපාධිධාරීන්ට උපාධියට හිමිවිය යුතු මූලික වැටුප හා වැටුප් වර්ධක අගය කප්පාදු කර පහළ දමන ලදි. 2006 සිට සෑම ආණ්ඩුවකටම වැටුප් විෂමතාවය, අහිමිකර ඇති උසස්වීම් පටිපාටිය ඇතුළු හිමිකම් ලබා දෙන ලෙස ඉල්ලූවද ආණ්ඩුවත් බලධාරීනුත් කල් මරණ ප්‍රතිපත්තියක නිරතව සිටි.

අසනීප නිවාඩු වාර්තා කිරීමත් සමඟ කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබූ ජාතික මට්ටමේ උද්ඝෝෂණය උද්ගතව ඇති ඩීසල් හිඟයත් සමඟ දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වන උද්ඝෝෂණ මාලාවක් බවට පත්කර ඇති බවද දන්වා සිටිමු.

  • කොළඹ දිස්ත්‍රික් උද්ඝෝෂණය - බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට දී - දවල් 12 ට
  • කලූතර දිස්ත්‍රික් උද්ඝෝෂණය - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී - දවල් 12 ට
  • ගාල්ල දිස්ත‍්‍රික් උද්ඝෝෂණය - ගාල්ල බස්නැවතුම්පළ ඉදිරිපිට දී - දවල් 12 ට
  • මාතර දිස්ත්‍රික් උද්ඝෝෂණය - මාතර බස්නැවතුම්පළ ඉදිරිපිට දී - දවල් 12 ට
  • හම්බන්තොට දිස්ත්‍රික් උද්ඝෝෂණය - තංගල්ල බස්නැවතුම්පළ ඉදිරිපිට දී - දවල් 12 ට
  • යාපනය දිස්ත්‍රික් උද්ඝෝෂණය - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී - දවල් 12 ට
  • කිලිනොච්චිය දිස්ත්‍රික් උද්ඝෝෂණය - කිලිනොච්චිය නගරයේ දී - දවල් 12 ට
  • වව්නියාව දිස්ත්‍රික් උද්ඝෝෂණය - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී - දවල් 12 ට
  • මඩකලපුව දිස්ත්‍රික් උද්ඝෝෂණය - මඩකලපුව නගරයේ දී - දවල් 12 ට
  • මාතලේ දිස්ත්‍රික් උද්ඝෝෂණය - කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට දී - දවල් 12 ට
  • මහනුවර දිස්ත්‍රික් උද්ඝෝෂණය - ඔරලෝසු කණුව අසළ දී - දවල් 12 ට
  • නුවරඑළිය දිස්ත්‍රික් උද්ඝෝෂණය - හඟුරන්කෙත නගරයේ දී - දවල් 12 ට
  • අනුරාධපුරය දිස්ත්‍රික් උද්ඝෝෂණය - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී - දවල් 12 ට
  • පොළොන්නරුව දිස්ත්‍රික් උද්ඝෝෂණය - පොළොන්නරුව පොළ හන්දිය - දවල් 12 ට
  • කෑගල්ල දිස්ත්‍රික් උද්ඝෝෂණය - කෑගල්ල පොදු වෙළෙඳසැල ඉදිරිපිට දී - දවල් 12 ට
  • රත්නපුරය දිස්ත්‍රික් උද්ඝෝෂණය - නව නගරය පළාත් සභා ඉදිරිපිට - දවල් 12 ට
  • කුරුණෑගල දිස්ත්‍රික් උද්ඝෝෂණය - කුරුණෑගල ඔරලෝසු කණුව අසළ දී - දවල් 12 ට

වසර 16 ක් තිස්සේ විසඳුමක් නොලැබුණු වැටුප් විෂමතා ඉවත් නොකිරීම ඇතුළු ගැටළුවලට පිළිගත හැකි විසඳුමක් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා මෙන් අපි ආණ්ඩුවට අවධාරණය කර සිටිමු.

පිළිගත හැකි කාලසීමාවක් තුළ විසඳුමක් නොලැබුණහොත් අදාළ ගැටළුවලට විසඳුම් ලබාදෙන තෙක් අඛණ්ඩව විරෝධතාවයකට අවතීරණය වන බව ද වැඩිදුරටත් දන්වා සිටිමු.

ඉහත සඳහන් උද්ඝෝෂණ සඳහා ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍ය ආවරණය ලබාදෙන මෙන් ද කාරුණිකව ඉල්ලා සිටිමු.