ශ්‍රී ලාංකික සරණාගතයින්ට වැටබඳින්න ඉන්දියාව සීරුවෙන්

ශ්‍රී ලාංකික සරණාගතයින්ට වැටබඳින්න ඉන්දියාව සීරුවෙන්
ශ්‍රී ලාංකික සරණාගතයන් විශාල වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩුව වෙත පැමිණීම වැළැක්වීම සඳහා තමිල්නාඩු පොලිසිය, ඉන්දීය වෙරළා ආරක්ෂකයන් සමඟ එකතු වී තමිල්නාඩු වෙරළේ ආරක්ෂාව තර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි.
 
ඉදිරියේදී ඇති විය හැකි සරණාගත අර්බුදය පිළිබඳ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ ස්ටාලින් ඉන්දියානු මධ්‍යම රජයට ද,  දැනුම් දී තිබේ.
 
තමිල්නාඩු මුහුදේ සැකකටයුතු යමක් දුටුවහොත් වහාම දැනුම් දෙන ලෙසද,  තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ධීවරයින් දැනුවත් කර ඇති බවද මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.
 
ඉන්දියාවට පැමිණි පළමු කණ්ඩායමේ ශ්‍රී ලාංකික සරණාගතයින් 6 දෙනා ගෙන් වැඩිහිටියන් තිදෙනා ඊයේ (23) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතරුව චෙන්නායි හි  පුසාල් මධ්‍යම සිරගෙදර දවස් 15 කට රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය විසින් නියෝග කර ඇත.
 
එහිදී මාස 4 ක  බිළිඳා ඔහුගේ මව සමඟ ද, අවුරුදු 6 ක දරුවා ඔහුගේ මව සමඟද සිටීමට අධිකරණය විසින් අවසර දී ඇත.
 
අනිකුත් සරණාගතයින් මන්දපම් කඳවුරේ රඳවා අවශ්‍ය විමසීම් කඳවුර මාර්ගයෙන් සිදු කිරීමට ප්‍රාන්ත ආණ්ඩුව තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියි.
 
“අප අදාල බලධාරීන්ගෙන් ඉල්ලුවා සරණාගතයින් රාමේශ්වරම් සරණාගත කඳවුරේ රඳවලා කඳවුර මාර්ගයෙන් අවශ්‍ය විමසීම් කටයුතු සිදු කරන්න කියලා” යැයි ඉන්දීය නොවන දෙමළ ජනතාවගේ පුනුරුත්ථාපනය සහ සුබ සාධනය පිළිබඳ කොමසාරිස් ජසින්තා ලසරස් මහත්මිය පවසයි.