සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ  නියෝජිත සමුළුවට බාධා

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ  නියෝජිත සමුළුවට බාධා

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ 23 වන නියෝජිත සමුළුව, වරාය පරිශ්‍රය තුල පැවැත්වීමට බාධා පැමිණවීම මගින් ප්‍රජාතත්ත්‍රවාදී අයිතිය උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු පිළිබඳ ගරු අමාත්‍යවරයා වෙත කඩිනමින් මැදිහත්ව විසඳන ලෙස ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ 23 වෙනි නියෝජිත සමුළුව 2022 අප්‍රේල් මස 07 වන දින උදේ 10.00 ට බණ්ඩාරනායක තටාකයේ පිහිටි පරිපාලන ගොඩනැගිල්ලේ ඉහළ මාලයේදී පැවැත්වීමට තීරණය කර නිසි අවසරය සඳහා මීට යාකර ඇති ලිපිය වරාය  ගරු කළමණාකාර අධ්‍යක්කෂතුමා වෙත 2022.03.18 දින යොමු කරන ලදි,

  • ගරු කළමණාකාර අධ්‍යක්ෂක තුමා විසින් පසුගිය වසර වල අපගේ සමුළු පවත්වාගෙන යාමට ලබා දෙන ලද අවසරයන් පිළිබඳව සොයා බැලීම්  කර අපගේ ඉල්ලීම වරාය සභාපතිවරයා වෙත යොමුකර ඇති අතර අපගේ ලිපියේ 4 වන කරුණ හැර අනෙකුත් කරුණු සලකා බැලීමට හැකි බවට  මා විසින් දුරකථන ඇමතුමක් මගින් කළමණාකාර අධ්‍යක්ෂක තුමාගේ කාර්යාලයෙන් කරුණු විමසීමේදී පිලිතුරු ලෙස දන්වා සිටින ලදි,   
  • මා යොමුකරන ලද ලිපියේ හතර වන කරුණ වන්නේ වරාය පරිශ්‍රය තුල ප්‍රචාරක දැන්වීම් / පොස්ටර් / බැනර් / කටවුට් දැමීමට අවසර ලබා ගැනීම හා ඒවා වරාය පරිශ්‍රයට රැගෙන ඒමට / රැගෙන යාමට අවසර ලබා ගැනිම යන්නයි,
  • අප වෘත්තීය සමිතිය විසින් මීට පෙර අවස්ථා 22 කදී සමුළු පවත්වා ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම වරාය කළමණාකාරීත්වය විසින් වාර්ෂිකව අපගේ වෘත්තීය සමිතියේ සමුළුව පැවැත්වීම සඳහා අංක 04 කරුණද ඇතුලුව අනෙකුත් කරුණු වලට අවසර ලබා දී ඇත,
  • අපගේ සාමාජිකත්වය දැනුවත් කිරීම සඳහා උපයෝගී කර ගනු ලබන දැන්වීම් / පොස්ටර් / බැනර් / කටවුට් නොමැතිව සමුළුව පැවැත්වීමට අවසර ලබා දීම මෙතෙක් පැවති ක්‍රමවේදය බි‍ද දැමීමකි. වරාය සභාපති තුමා ප්‍රජාතන්ත්‍රවාදයට බියක් දක්වන බව මෙම සිදුවීමෙන් මනා ලෙස පෙනී යයි. ඔහු අපගේ ගාල්ල වරාය ශාඛාව ප්‍රති සංවිධානය සිදු කිරීමේ කටයුත්තේදීද මේ ආකාරයටම බාධා කරනු ලැබිණි,
  • වරාය පරිශ්‍රය තුල දැන්වීම් / පොස්ටර් / බැනර් / කටවුට් පලකිරීමට අපට අවසර ලබා දිය නොහැකි බව දන්වන වරාය සභාපතිවරයා  පොහොට්ටු වෘත්තීය සමිතියේ ලේකම් හා සභාපතිවරයාට දේශපාලන  තනතුරු දෙකක් ප්‍රධානය කිරීමට අදාලව වරාය තුල සුභ පැතුම් බැනර් විශාල වශයෙන් ප්‍රදර්ශණය කිරීමට අවසර දීමෙන් පෙනී යන්නේ කපුවන් කෝවිලේ කැත කල විට ගඳ වාහනය නොවන බවද.?

වරාය සභාපති වරයාට දේශපාලන ගැටලුවක් අප වෘත්තීය සමිතිය සමග පැවතිය හැකි  උවද මෙතෙක් පැවති සම්ප්‍රධායන් උල්ලංගණය කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව අපට කටයුතු කිරීමට ඇති අවස්ථාව වලක්වා ලමින් එතුමා ආයතනය තුල  නීති දෙකක් ක්‍රියාවට නැගීම අප පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

මෙම ගැටළුව පිළිබඳව ඔබ තුමා කඩිනමින් මැදිහත් වී අප වෘත්තීය සමිතියේ සමුළුව පැවැත්වීමට (ඉල්ලා ඇති පරිදි හා මෙතෙක් කටයුතු කල ඇති පරිදි) අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.