දුම්රිය ගාස්තු වැඩි කරන්න කැබිනට් අනුමැතිය

දුම්රිය ගාස්තු වැඩි කරන්න කැබිනට් අනුමැතිය

දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා  (28) දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව අප්‍රේල් පලවෙනිදාඉන් පසුව දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාර්තාව සකස් කිරීමට දුම්රිය සාමාන්‍යධිකාරීවරයා වෙත උපදෙස් ලබා දුන් බවත් හෙතෙම කීවේය.

ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අවධානය යොමුකර ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව ගාස්තු ප්‍රකාශ කිරීමෙන් පසු ජනතාවට දැන ගැනීම සඳහා මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

(ලංකාදීප)