දින කිහිපයකට හෝ රට ලොක්ඩවුන් කරයිද?

දින කිහිපයකට හෝ රට ලොක්ඩවුන් කරයිද?

රට මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස දින කිහිපයකට හෝ රට වසා තබන ලෙස ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. දින කිහිපයකට රට වසාදමා ඉන්ධන හිගය ඇතුළු අර්බුදවලට තාවකාලිකව හෝ විසඳුම් ලබා දී රට නැවත විවෘත කරන ලෙසයි මෙම යෝජනාව ඉදිරිපත් කළ පාර්ශ්වය පවසා තිබෙන්නේ.

ඉන්ධන හිගය හේතුවෙන් මේ වනවිට පාසල් කටයුතු, කාර්යාල කටයුතු, සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා දැඩි බලපෑමක් සිදුව තිබේ. මීට අමතරව මේ වනවිට දෛනික විදුලි කප්පාදුවද පැය 10 ක් ඉක්ම ගොස් ඇති අතර මේ නිසා ජනතාව මුහුණ දෙන අර්බුද දෙගුණ තෙගුණ වී තිබෙනවා.

ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස අද සහ හෙට කාර්යාල සේවකයන් නිවසේ සිට වැඩ කිරීම සුදුසු බවට මහජන උපයෝගීතා කොමිසම විසින්ද යෝජනා කර තිබිණි.

රට වසාදැමීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනාවට මේ දක්වා ආණ්ඩුවේ නායකයන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.

 

උපුටා ගැනීම -LNW News