සමාජ මාධ්‍ය ජාලා වාරණය වෙයිද?පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රකාශයක්

සමාජ මාධ්‍ය ජාලා වාරණය වෙයිද?පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රකාශයක්
අවශ්‍ය වුවහොත් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පවතින නීති අනුව කටයුතු කිරීමට ද සූදානම් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
 
පසුගිය 31 වෙනි දින මිරිහානේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන්  ඊයේ (01) දිනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කර තිබේ.
 
එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සඳහා සමාජ මාධ්‍ය හරහා පෙළඹවීමක් තවදුරටත් සිදුවන්නේ නම් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද යන්නයි .
 
ඊට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ,
 

“යම් කලහකාරී සිද්ධියක් සිදුකිරීම සඳහා සමාජ මාධ්‍ය හරහා යම් පෙළඹවීමක් තිබෙනවා නම් හෝ ඒ ගැන පෙළඹවීමේ අවදානමක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් තිබෙන නීතිය අනුව කටයුතු කරන්න සිද්ධ වෙනවා.”