මහජන ආරක්ෂණ පනත, මහජනතාවගේ අයිතියට විලංගු දැමීම සදහා භාවිත කිරීමට භාවිතා කිරීම බරපතල වැරැද්දක්

මහජන ආරක්ෂණ පනත, මහජනතාවගේ අයිතියට විලංගු දැමීම සදහා භාවිත කිරීමට භාවිතා කිරීම බරපතල වැරැද්දක්

රට තුල ඇතිවී තිබෙන වර්ථමාන අර්බුදය, ගෙවන ක්‍රමයක් ගැන කිසිදු තැකීමක් නොකරමින් අයාලේ ණය ගනිමිනි. වගකීම් විරහිතව කටයුතු කල පාළකයින්ගේ ගැටළුවක් මිස, ස්වාභාවික අනතුරක් හෝ රටේ මහ ජනතාව විසින් ඇතිකල අර්බුදයක් නොවේ.

අවසාන මොහත දක්වාම අන් කිසිවෙකුගේ හඩට කන් නොදෙමින්, ඒකාධිපති ලෙස ගනු ලැබූ අදූරදර්ශී තීන්දු රට මෙවන් අර්බුධයකට ඇද දැමීමට හේතු වූ බව වර්ථමාන ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු රජය පිළිගත යුතුය. රටට වැදගත් වන බොහෝ තීන්දු ගණු ලැබූයේ තමන්ගේ පෞද්ගලික හිතෛෂීවන්ත බව මූලික කරගෙන විනා, කිසිදු සැලසුමකට අනූව නොවේ. සිවිල් සංවිධාන, ස්වාධීන වෘත්තීය සමිති සමග කිසිදු සාකච්ඡාවක් තිබුණේම නැත. ඒ වෙනුවට තමන්ව බලයට ඒමට දේශපාලන වහල්කම් කල සංවිධාන නායකියින් දෙතුන් දෙනෙකු ලඟ තබා ගනිමින් තීන්දු ගත්තේය.

අද වන විට මහජනතාව තම අයිතීන් වෙනුවෙන්, ජීවත්වීමට ක්‍රමයක් ඉල්ලා පාරට බසිමින් සිටී. තමන්ගේ මූලික අවශ්‍යතාවයන් සපයා ගැනීමට නොහැකිව, මහජන ආර්ක්ෂාව පතා පාරට බැස ඇති ජනතාව වෙනුවෙන් සිය වගකීම ඉටු කිරීම වෙණුවට, මහජන ආරක්ෂක පනත යොදා ගනිමින් මහ ජනතාව තව තවත් පීඩාවට පත් කිරීම අතිශය බරපතල වරදකි. ඔවුන්ගේ ඒකාධිපතු ස්වරූපය තව දුරටත් නොවෙනස් බව ඒත්තු ගැන්වීමකි.

අද වන විට අමාත්‍යමණ්ඩලය ඉල්ලා අස්වීමෙන්ද පෙනෙන්නට තිබෙන්නේ ප්‍රශ්ණයේ යථා ස්වරූපය යට ගැසීමට උපක්‍රම සෑදීමට එහා ගිය සැලසුමක් ආණ්ඩුවට නොමැති බවය.

මේ තත්ත්වය පිළිබදව සැලකිල්ලට ගෙන, රජය නිවැරදි තීන්දුවක් ගන්නා තුරු ඒකාබාද්ධ වෘත්තීය සමිති අරගලයකට අවතීර්ණ වීමට අප අපේක්ෂා කරමු.

Ravi kumudesh photo 2

රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය