පොදු අරගලයට වෘත්තීය සමිති නායකයින් පෙළගැසෙති

පොදු අරගලයට වෘත්තීය සමිති නායකයින් පෙළගැසෙති
රටේ පවත්නා අර්බුදවලට විසඳුම් ඉල්ලමින් මෙන්ම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අස්විය යුතු බවට බලකරමින් පැවැත්වෙන විරෝධතාවන්ට වෘත්තීය සමිති ඒ්කාබද්ධව සහය පළකරමින් තිබේ.
 
ඒ් අනුව ඉකුත් අප්‍රේල් මස 09 වන දින ගාලුමුවදොර පිටියේ ආරම්භ වූ "ගෝටා ගෝ හෝම්" විරෝධයට සහය පළකරමින් ඉකුත් 16 වන දින වෘත්තීය සමිති හා සිවිල් සමාජ ක්‍රියාකාරී එකුමුතුව විසින් කොළඹ රීගල් සිනමාහල අසළින් ආරම්භ කළ විරෝධතා පා ගමන ගාලුමුවදොර පිටියට ගොස් එහි පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයට සහය දක්වනු ලැබිණි.
 
1 
2
3
4
 
අද (20) දිනයේද, වෘත්තීය සමිති ඒ්කාබද්ධ බලමණ්ඩලය විසින් මහා වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබේ.
 
ඒ් පිළිබඳව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් කියා තිබුණේ මෙවැන්නකි.
 
"වෘත්තීය සමිති බලවේගයක් හැටියට සංවිධානය වී ආවේ මේ සා කාලයක් රාජපක්ෂලාට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් කියන දේ ඇහෙන්නෙ නෑ. වැටහෙන්නෙ නෑ. ඒ්කයි. ඇහෙන්න සලස්වන්න ලෑස්තියි. මේ රටේ සියලුම වෘත්තීය සමිති, බහුජන ව්‍යාපාර සංවිධාන පක්ෂ පාට භේදයකින් තොරව මෙතැනට පැමිණියේ මේ අරගලය ජයග්‍රහණය තෙක් ඉදිරියට ගෙන යන බවට පොරොන්දුව දීලා යන්නයි. ලබන 20 වෙනිදා සිට දැවැන්ත අරගලයක් බවට පත්කරනවා. ගෝඨාභයට කියන්නේ දැන් බැහැල යන්න කාලෙ හරි. එහෙම බැහැල ගියෙ නැත්නම් බස්සන්න, එළවන්න අපට සිද්ධවෙනවා. ඔයා ගත්තු මොංගල් තීන්දුවලට මේ රටේ මිනිස්සු ජීවිතයෙන් වන්දි ගෙවන්න ඔ්න නෑ. ඔයා මෙතෙක් පාලනය කළේ ඔයා හිතාගත්තු විදිහට මිසක් රටක් පාලනය කරන විදිහට නෙවෙයි. වෘත්තීය සමිති ව්‍යාපාරය හැටියට හෙට අපි වර්ජන, තර්ජන ඇතිව එකතුවුණේ මේ සටන ජයග්‍රහණයෙන්''
 
 
සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා සංගමයේ සභාපති උදේනි දිසානායක මේ පිළිබඳව 'වැඩබිම' සමඟ අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.
 
"මේ රටේ මහජනයා ආරම්භ කරන්න පටන් ගත්තෙ. මේ රටේ ධනස්කන්ධය සූරා‌ගෙන කෑමේ ප්‍රතිඵලය තමා අද මේ රටේ ජනයා මහපාරට වැටිලා තියෙන්නෙ. ඔවුන්ට දැනෙන පීඩනය පිට කිරීමට තමා ගාලුමුවදොර පිටියට දස දහස් ‍ගණනින් රැස්වෙන්නෙ. අපේ රටේ වෘත්තීය සමිතිවත්, දේශපාලන පක්ෂවත් කරට ගත්තෙ නැති වැඩක්. මේක අපි තමා කරට ගත යුතුව තිබුණේ. තරුණ තරුණියන් පාරට බැහැලා, දිවා රෑ නොබලා මේක සටනක් විදිහට ඉස්සරහට ගෙනියන්න කළ කැපකිරීමට වෘත්තීය සමිති නායකයෙක් විදිහට මං මගේ ගෞරවය පුදකරනවා. මේ මංකොල්ලකාරී, දූෂිතයින් එළවන එක විතරක් මදි. ඔවුන් විසින් කොල්ලකෑව මේ රටේ ධනය යළි අත්පත් කර ගැනීමත් කළ යුතුයි. එන 20 වෙනිදා ලංකාව පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක්, එක් දින වැඩවර්ජනයකටත් යනවා. සෞඛ්‍ය, කළමනාකරණ, තැපැල් හැම ක්ෂේත්‍රයක්ම එකතු කරනවා. ආණ්ඩුව මහජන මතයට ආණ්ඩුව කන් නොදෙන්නේ නම් සියලුම වෘත්තීය සමිති ඒ්කාබද්ධ කර ගනිමින්  දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන්න ලෑස්තියි."
 
 

 
පී.ඩබ් මුතුකුඩආරච්චි