හර්තාලයට ගියාම රාජ්‍ය සේවක වැටුප කපනවාද? නැද්ද?

හර්තාලයට ගියාම රාජ්‍ය සේවක වැටුප කපනවාද? නැද්ද?
හර්තාල් ව්‍යාපාරයට සහය පළකරමින් ඊට සහභාගිවන රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප කපා හරින බව දන්වමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් නිවේදනයක් නිකුත් කර තිබිණි.
 
රට තුළ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව සපයා ගැනීම අරමුණු කරගනිමින්  අර්බුදකාරී තත්ත්වය හමුවේ ආර්ථිකය කඩා වැටීම හා දුර්වල කිරීම මෙම වර්ජන ක්‍රියාමාර්ගවල අරමුණ බව දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය උපුටා දක්වමින් මෙම නිවේදනය නිකුත් කර තිබිණි.
 
කෙසේ වෙතත් අද (06) ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය හෝ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් එවැනි නිවේදනයක් නිකුත් නොකළ බවයි.
 
එසේම එකී කලින් නිවේදනයේ දැක්වෙන පරිදි හර්තාලයට සහභාගිවන රාජය සේවකයින්ගේ වැටුප කපා හරින බවට වන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවද, දෙවැනි නිවේදනයේ දැක්වෙයි.
 
 statment 01
statement 2