ජනතා කැමැත්තට ඉඩදී රජය ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉවත්විය යුතුයි - Direction Sri Lanka

ජනතා කැමැත්තට ඉඩදී රජය ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉවත්විය යුතුයි - Direction Sri Lanka

අද (06) දින 2022 මාර්තු හයවෙනිදා හර්තාලය සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙරට රාජ්‍යතන්ත්‍රය හා එහි වර්තමාන අර්බුධකාරී තත්වය හා ජනතාවගේ කැමැත්තට ඉඩකඩ ලබා නොදීමේ ප්‍රතිපලයක් හා සාධාරණ ප්‍රයත්නයක් බව Direction Sri Lanka සංවිධානය අවධාරණය කරන අතර, රජය ජනතා හඩට කන්දී තීරණ ගත යුතු බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 'Direction Sri Lanka' සංවිධානය , ස්වාධින වෘත්තිකයන්ගේ සංවිධානයක් ලෙස දැනට රට තුල පවතින ව්‍යාකුල , දිනෙන් දින අර්බුදයට ලක්වෙන ආර්ථික හා සමාජ තත්වයන් පිලිබදව නිරන්තර අවධානයෙන් පසුවෙයි. මේ වනවිට පොදු මහජනතාව දැඩි අපහසුතාවයකට පත්කොට ඇති ඉන්ධන හිගය, අත්‍යවශය ඖෂධ හිගය හා සීග්‍රයෙන් අවප්‍රමාණය වෙන රුපියල හා ඒ හේතුවෙන් ඉහල යන අත්‍යාවශය භාණ්ඩ සහ සේවාවල මිල සම්බන්ධයෙන් අප සංවිධානය නිරතුරුව නිරීක්ෂණය හා අධ්‍යනය කරමු.

මේ වනවිට රට තුල දේශපාලනික වශයෙන් ඇතිවී තිබෙන රික්තය , රට නැවත ගොඩනැගීමේ කර්තව්‍ය සදහා කිසිදු දායකත්වයක් නොදක්වන අතර Direction Sri Lanka සංවිධානය මේ සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටිමු.

එම නිසා අප විසින් පහත දක්වා ඇති සාධනීය පියවර මෙරට ආණ්ඩුකරණය නිවැරදි මගකට යොමුකොට රට පත්වී ඇති භයානක තත්වයෙන් මුදාගැනීමට බෙහෙවින් දායක වෙනු ඇතයි උදක්ම බලාපොරත්තු වෙමු.

a ) පොදු මහජනතාවගේ ඉල්ලීම්වලට කන් දෙමින් ජනාධිපතිතුමා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය;

b ) නව ජනාධිපතිවරයෙක් පත්කර ගත යුතුය;

c ) නව ජනාධිපතිවරයෙක් පත්කර ගත පසු අග්‍රාමාත්‍යතුමා ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය;

d ) අන්තර්කාලින /වැඩබලන ජාතික රජයක් වහාම පත්කළ යුතු අතර, නව අග්‍රාමාත්‍යතුමා ඇතුළු අභිනව අමාත්‍ය මණ්ඩලය සමාජිකයි 18 දෙනෙකුට සීමාවීම, ඒ හා සමාන නියාජය අමාත්‍ය ධුර සංඛ්‍යාවක්, සියලු දේශපාලන පක්ෂ නියෝජනය වෙන ආකාරයෙන්, වසරක කාලයක් සදහා පත්කර ගත යුතුය;

e ) නව රජය විසින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කොට නැවත 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය, නිවැරදි සංශෝධන සහිතව බලාත්මක කල යුතුය;

f ) 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කල වහාම ස්වාධින කොමිසන් සභා සදහා සුදුසුකම් සහිත ගරු කටයුතු පුද්ගලයින් පත්කළ යුතුය .

මේ සන්දර්භයන් සලකා බලන විට මේ මස 6 වෙනිදා සංවිධානය කොට ඇති හර්තාලය, මෙරට රාජ්‍යතන්ත්‍රය හා එහි වර්තමාන අර්බුධකාරී තත්වය හා ජනතාවගේ කැමැත්තට ඉඩකඩ ලබා නොදීමේ ප්‍රතිපලයක් හා සාධාරණ ප්‍රයත්නයක් බව Direction Sri Lanka සංවිධානය අවධාරණය කරයි.

මේ සාධාරණ අරගලය සමග එක්වන ලෙස සියලු වෘතිකයින්ගෙන් අප සංවිධානය ඉල්ලා සිටින අතර, හර්තාලය අතරතුඑර මහජනතාවට අවම බලපෑමක් සිදුවෙන ලෙස එය ක්‍රියාත්මක කලයුතු බවද දන්වා සිටිමු.