6 හර්තාලයට පෑලියගොඩ මැනින් වෙළඳපොළේ සහය

6 හර්තාලයට පෑලියගොඩ මැනින් වෙළඳපොළේ සහය

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව විසින් මැයි 6 වනදා පැවැත්වෙන හර්තාලය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ දින (4)  පෑලියගොඩ මැනින් වෙළඳ සංකීර්ණයේදී සිදු කරන ලදී. අත් පත්‍රිකා බෙදමින් වෙළඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා පෑලියගොඩ මැනින් වෙළඳ සංගමයේ උප සභාපති  ප්‍රභාත් සුසන්ත මහතාද සහභාගී විය.

9

10

එහිදී ඔවුන් සඳහන් කළේ 6 වෙනිදා සියළු වෙළඳසල්  හිමියන් එළවලු ගෙන්වීම නවතා හර්තාලයට සහයෝගය ලබා දෙන බවත් තමන්ට හැකි අයුරින් නගර වල විරෝධතා වලට සහභාගී වන බවයි. එසේම මෙහිදී වෙළෙඳුන් තමන් මුහුණ දෙන  ඉන්ධන ගැටළු, පාරිභෝගිකයන් නොපැමිණීම නිසා ව්‍යාපාර කඩා වැටීම, දිනෙන් දින ඉහළ යන බඩු මිල යනාදී ගැටළු වලින් පීඩා විඳින බවත් එම ගැටළු වලින් මිදීමට නම් ගෝටාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යා යුතු බවත්  ප්‍රකාශ කළහ.

5

8

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින්, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සහ තොරතුරු සහ විදුලි සංදේශ සියලු සේවක සංගමයේ ලේකම් ජගත් ගුරුසිංහ යන සහෝදරයින් විසින් ප්‍රකාශ කළේ හර්තාලය රට පුරා සාර්ථක කිරීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි.