හර්තාලයට වෛද්‍යවරුනුත් එක්වේ

හර්තාලයට වෛද්‍යවරුනුත් එක්වේ

පිළිකා රෝහල, මාතෘ සහ ළමා රෝහල් හැර අනෙකුත් සියළුම රෝහල් සහ කාර්යාලවල සේවයේ නියුතු අප සංගමයට අයත් සියළුම වෛද්‍යවරුන් එදින වැඩවර්ජනයක නිරත වන බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් දැනුම් දී ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දිනෙන් දින උග්‍රවන ජීවන වියදම හමුවේ ඉතාමත් අපහසුතාවයන්ට පත්ව ඇති මහජනතාව සහ රාජ්‍ය, අර්ධ රාජ්‍ය පෞද්ගලීක සියළුම අංශයන්හී සේවය කරන සියළුම සේවකයන් එක්ව වර්තමාන ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස ඉල්ලා 2022. 05. 06 දින රට පුරා ක්‍රියාත්මක වන හර්තාල් ව්‍යාපාරයක් දියත් කර තිබේ.

සෞඛ්‍ය සේවය තුලද ඖෂධ හා උපකරණ හිඟය, වැටුප් කප්පාදුව ඇතුළු බරපතල ගැටළු ගනනාවක් මතුව ඇති අතර ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීම බරපතල කඩාවැටීමක් පෙන්නුම් කරයි. එනිසා වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය සේවාකයන්ද අපේක්ෂා භංගත්වයට පත්ව තිබේ. මේ සඳහා ඇති එකම වන්නේ පවතින ආණ්ඩුව හා ජනාධිපතිවරයා ඉවත්වීම බව අප සංගමයේ අදහසයි.

එනිසා 2022. 05. 06 දින පිළිකා රෝහල, මාතෘ සහ ළමා රෝහල් හැර අනෙකුත් සියළුම රෝහල් සහ කාර්යාලවල සේවයේ නියුතු අප සංගමයට අයත් සියළුම වෛද්‍යවරුන් එදින වැඩවර්ජනයක නිරත වන බව දැනුම් දෙමු.