වෘත්තීය සමිති හා බහුජන සංවිධානය උතුරේ සාකච්ඡාවක

වෘත්තීය සමිති හා බහුජන සංවිධානය උතුරේ සාකච්ඡාවක

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනික, ආර්ථික අර්බූදය පිළිබඳව උතුරේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුවේ සාකච්ඡාවක් ඊයේ (29) යාපනය විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.

1

3

45

යාපනය විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය මූලිකත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ලංකා ගුරු සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ටෙලිකොම් සහ විදුලි සංදේශ සියලු සේවක සංගමය, මොන්ලාර් සංවිධාන, ප්‍රොටෙක්ට් සංගමය, සම අයිතිය ව්‍යාපාරය, රජයේ කළමණාකාර සේවා නිළධාරීන්ගේ සංගමය, ධීවර සහයෝගිතා ව්‍යාපාරය , තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය, විදුලි අධිකාරී නිළධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසක් සහභාගී වුණා. එහිදී උතුරු පළාතේ වෘත්තීය සමිති නායකයින් අනෙකුත් පළාත් කමිටු සමග තම ගැටළු පිළිබඳව සාකච්ඡා කරන බව පැවසීය.

ඒ අතර ජාතික ගැටළුව සහ ස්වයං නීර්ණය අයිතිය පිලිබඳව දකුණේ සංවාදය පුළුල් කළ යුතු බවට යෝජනා විය. සාකච්ඡාව අවසානයේ මාධ්‍ය හමුවක්ද පවත්වන ලදී.

5