නුදුරේදී පැවැත්වීමට තිබූ ගුරු විභාගයක් කල් යයි

නුදුරේදී පැවැත්වීමට තිබූ ගුරු විභාගයක් කල් යයි

දිවයින තුළ පවතින ගැටළුකාරි තත්ත්වය හේතුවෙන් දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය කල්දමා ඇත.

ඒ අනුව ජුනි 18 වැනිදා අදාළ විභාගය නොපැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම නිවේදනය කර ඇත.

පසුගියදා පැවැති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේදී විභාගය කල් දැමීමේ තීරණය ගෙන ඇති අතර අදාළ විභාගය පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම්දෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රකාශ කර ඇත.