උසාවි දැමූ ලංකා ගුරු සංගමයේ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ කතාවට සවන් දෙමු

උසාවි දැමූ ලංකා ගුරු සංගමයේ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ කතාවට සවන් දෙමු

පොලිස අපරාධ විමර්ශණ අංශයෙන් කැඳවීමක්.

ජුනි 02 දහවල් දුරකථන ඇමතුමක් මගින් අනුරාධපුර පොලිස් අපරාධ විමර්ශණ අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසත් ඒ (09) වන දින සිද්ධි සම්බන්ධයෙන් බවත් දන්වා සිටියා.අනතුරුව පවතින අවදානම් සහගත තත්ත්වය මත මා නීති උපදෙස් ලබා ගෙන ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා ඇතුලු මධ්‍ය විධායක සභව දැනුවත් කරන ලදි. නීති උපදෙස් අනුව පසු දින පොලීසියේ පෙනී සිටීමට පැමිනෙන බව අදාල පොලීස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ලංකා ගුරු සංගමයේ අනුරාධපුර නිලධාරින්ගේ හමුවක් සවස පහට සූදානම් කරන ලදි.

සවස 4.50 ට පමණ මා අනුරාධපුර නගරය දෙසට යමින් සිටියදී පස පසින් මෝටර් සයිකලයකින් අයෙක් පැමිණ මට පහරදී  ඉදීරියට යන ලදි. ඔහු හඳුනා ගැනීමේ අරමුණින් මා ඔහු පසු කරන ලදි. ඔහු රුවන්සිරි බව තහවුරු වු පසු පිස්සෙක් යැයි පවසා ඉදිරියට ගොස් සයිකලය නවතා මදක් නැවතුනි. මා ඉදිරිපසින් නැවතත් ඔහු පැමිණ මාහට පහරදීමට උත්සහ දරන ලදි. එහෙත් එය වැලකුනේ එතනට මා හදුනන තරුණ පිරිසක් පැමිණ බැවිනි. මා දරුවාත් රැගෙන කඩිනමින් නිවසට පැමිණ රැස්ව සිටි සගයින්ට සියල්ල පැහැදිළි කරන ලදි. මේ සිද්ධිය ගැන කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීමට තිරණය කරන ලද්දේ  ඉදිරියේ නියමිත අනතුර පිළිබඳ සිතාය.ඒ අනුව ජුනි 03 උදේ 8.00 ට පොලීසියට යාමට අවශ්‍ය කටයුතු සූදානම් විය.

අප නියමිත වෙලාවට පොලිස් සථානයට පැමිණ අතර අපගේ නීතීඥ මහත්වරු ද සමග අපරාධ විමර්ෂණ අංශයට ගියහ. පොලීසිය ඉදිරි පිට විශාල පිරිසක් රැස්ව සිටිනු දක්නට ලැබුනි. අපරාධ විමර්ෂණ නිළධාරියාගේ පැහැදිළි කිරීමට අනුව මා පසුගිය මැයි 09 සිද්ධි සම්බන්ධව සැක බවට ප්‍රශ්ණ කරන ලදි පැය 2 ක කට ආසන්න කාලයක් ප්‍රශ්ණ කිරීමෙන් පසු මා තවත් අංශයකට යොමු කර එහිදී මා රුවන්සිරි නැමැත්තාට පහරදී ඇතැයි සදහන් කරමින් පොලීස් අත් අඩංගුවට ගන්නා ලදි.

කුමන්ත්‍රණය දිගහැරේ

පොලීස් නිළධාරීන් වෙත හිටපු ඇමතිවරු දිගින් දිගටම ඇමතුම් ලබා දෙමින් උපදෙස් ලබා දේ. ඒ උපදෙස් මාහට අධිකරණයෙන් ඇප දීම වැලැක්වීමට බව පැහැදිලිව ඇසේ. අප සමග පැමිණි සගයින් නීතිය සාධාරණව ඉටුකර ගැනීමට සියලු උත්සහයන්හී ගනිමින් සිටිති. ඒ අතර සියලු මැදිහත්වීම් මත මා දහවල් 12.30 ට අධිකරණයට රැගෙන යන ලදි.

අධිකරණයේ සිටි සියලු නීතීඥයින් ස්වේච්ඡාවෙන්  මා වෙනු වෙන පෙනී සිටීම

දහවල් 1.00 ට මා මහේස්ත්‍රාත්තුමන් හමුවට ඉදිරිපත් කරන ලදි. ඒත් සමගම අධිකරණ පරිශ්‍රයේ සිටි සියලුම නීතීඥයින් නැගී සිට කරුණු දක්වන්නට විය. එහිදී මෙම ක්‍රියාව පැහැදිළිවම කුමන්ත්‍රරණයක් බවට කරුණු දක්වන්නට වුහ. ජ්‍යෙෂ්ඨ නීතීඥ ආරියරත්න වික්‍රමාරච්චි ඇතුළුව ස්වර්ණමාලී අනුරාධනායක, සංජය, ලක්ෂාන්, පසාද්, කාලිංග ඇතුලු නීතීඥ මහත්ම මහත්මීන් කරුණු දැක් වූහ.

හිටපු ඇමතිවරයෙකු සමග කටයුතු කල රුවන්සිරි නැමැත්තා මේ සිදු කරන්නේ ජන අරගලයට නායකත්වය දෙන ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා වන මේ විත්තිකරු කොටු කිරීමේ කුමන්ත්‍රණයක් බවත් මේ විත්තිකරු පැමිණිළි කල යුතු සිද්ධියකට පැමිණිලිකරු අසත්‍ය පැමිණිල්ලක් දමා කුමණ්ත්‍රණකාරී ලෙස මොහු බණ්ධනාගාර ගත කිරීමේ ද්වේශ සහගත උත්සහයක එක් කොටසක් ලෙස මේ සිද්ධිය පෙන්වා දෙමින් කරුණු දක්වන්නට වූහ.

කරණු සලකා බැලූ ගරු විනිසුරුතුමා පුදගල් ඇප 02 ක් මත මුදා හරින ලදි .