ඖෂධ නියාමන අධිකාරිය සහ ජාතික ඖෂධ නීතිගත සංස්ථාව වසර ගණනාවකින් විගණන වාර්ථා ලබා දී නැහැ

spc-nmra

ඖෂධ පිළිබද රටේ නීතිය හදන දූෂණ වැලැක්වීමේ මුරදේවතා චරිතයට පන පොවන ප්‍රධාන ආයතන දෙකම හැසිරෙන්නේ නිතී විරොධීව. වසර ගණනාවක් තිස්සේ ඔවුන් පාලනය වී ඇත්තේ දූෂිත තත්ත්වයන් වලක්වන්නට ඇති අවම අවශ්‍යතාවය පවා නොසලකා හරිමින්.

බිලයන 4කට ආසන්න වත්කම් ප්‍රමාණයක් ඇති ඖෂධ නියාමන අධිකාරී පනතට අනූව, එක් මුදල් වර්ෂයක් අවසන් වී මාස 6ක කාලයක් ගත වීමට පෙර අදාල වර්ෂයේ ගිණුම් හා විගණන වාර්තාව ඉදිරිපත් කල යුතුය. (පහතින් දක්වා ඇත්තේ ඖෂධ නියාමන අධිකාරි පනතේ ඊට අදාල උධෘත කිහිපයකි.) ඖෂධ නිතිගත සංස්ථාවේ වසරකට බිලියන 40කට වඩා වැඩි ගණු දෙණු ප්‍රමාණයක් සිදු වේ.

සාමාන්‍යයෙන් නියමිත කාල සීමාව තුල විඝණන වාර්තා ලබා නොදෙන ඉතා කුඩා වත්කමක් සහිත අයතනයක් පවා අසාධු ලේඛණ ගත කෙරේ. අධ්‍යක්ෂක මණ්ඩල සහ ඔවුන්ගේ තීරණ සියල්ල නීති විරෝධි ලෙස සැලකේ. ඒ අනූව නීතිය හදන ඖෂධ නියාමන අධිකාරියත්, ඖෂධ නිතිගත සංස්ථාවත් වසර ගණනාවක් තිස්සේ අදාල විඝණන වාර්ථා ලබා නොදීම අතිශය් බරපතල තත්වයක් වන අතර, ඊට එම අයතනවල අධ්‍යක්ෂක මණ්ඩල සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.

මේ හේතුවෙන් අක්‍රමිකතා හා අයතා ගණුදෙනු සැගව යන අතර, වැරදි පූර්වාදර්ශයක් රට තුල තහවුරු වේ.

වසර තුනකට වරක් අලුත්විය යුතු අධ්‍යක්ෂක මණ්ඩලයේ ඇතැම් සාමාජිකයින්, ආයතනය ආරම්භ කල දා පටන් අධ්‍යක්ෂක මණ්ඩලයේ රැදෙමින්, විගණන වාර්තා ලබා නොදීම හරහා ආයතනය අභ්‍යන්‍තර ලෙස දූශිත ගනු දෙනු සදහා පහසුකම් සපයා ඇත.

මේ පිළිබදව වහාම සොයා බලා, තත්වය නිවැරදි.කරන ලෙසත්, වගවිය යුතු සියළු පාර්ශවයන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන ලෙසත් අප බල කර සිටිමු.

රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය