මුහුණු ආවරණය අද සිට අනිවාර්ය නෑ

මුහුණු ආවරණය අද සිට අනිවාර්ය නෑ
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම අනිවාර්ය කර තිබූ මුහුණු ආවරණ පැළඳීමේ නීතිය අද (10) සිට අනිවාර්යයක් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.  
 
ඒ අනුව එළිමහන් ස්ථානවල මෙන්ම නිවාස හෝ ගොඩනැගිලි අභ්‍යන්තරයේත් මුහුණු ආවරණ පැළඳීම  හෙට සිට අනිවාර්ය  නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක කියැවෙයි.
 
එසේ වුවද, උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන රෝග ලක්ෂණ  සහිත පුද්ගලයින් එවන් අවස්ථාවල මුහුණු ආවරණ පැළඳීම සුදුසු බව එහි සඳහන් ය.
 
 එමෙන්ම පෙර පරිදි දිගින් දිගටම මුහුණු ආවරණ පැළඳීමට යම් කෙනෙකු කැමැත්තක් දක්වන්නේ නම්, මෙම සංශෝධනය ඊට කිසිදු බාධාවක් නොවිය යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් කියැවෙයි.