වෘත්තීය සමිති විරෝධය මැද්දේ පනත සම්මතයි

වෘත්තීය සමිති විරෝධය මැද්දේ පනත සම්මතයි
විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියැවීම ඊයේ (09) වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.
 
එහිදී එම පනතට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 36ක් පමණි.
 
ඒ් අනුව විදුලිබල සංශෝධන පනත පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 84න් සම්මත වූවේ විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින්ගේ විරෝධය මධ්‍යයේය.
 
ඒ් අනුව මෙම පනත් කෙටුම්පතට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගනු ලැබූ විදුලිබල ඉංජිනේරු සංගමයට එරෙහිව අද සිට දින 14 ක කාලයක් කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක් හෝ වැඩවර්ජනයක නිරත වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කෙරිණි.
 

ශ්‍රී ලංකා විදුලි බල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර සහ එම සංගමයෙන් මහලේකම් ධම්මික විමලරත්න යන දෙදෙනාට  මෙම වාරණ නියෝගයක් නිකුත් කර ඇත.