විදුලි ඉංජිනේරුවන්ට අධිකරණයෙන් පොල්ලක්

විදුලි ඉංජිනේරුවන්ට අධිකරණයෙන් පොල්ලක්
විදුලි බලමණ්ඩලයට  අද සිට දින 14 ක කාලයක් කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක් හෝ වැඩවර්ජනයක නිරත වීම සහ එමගින් ජනතාවට විදුලිය අඛණ්ඩව සැපයීම කඩාකප්පල්කාරී කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
 
ශ්‍රී ලංකා විදුලි බල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර සහ එම සංගමයෙන් මහලේකම් ධම්මික විමලරත්න යන දෙදෙනාට  මෙම වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
 
මෙම නියෝගය වහාම දුරකථන මාර්ගයෙන් අදාළ  වගඋත්තරකරුවන්ට  දැනුම් දෙන ලෙසටද,  දිසා අධිකරණයේ රෙජිස්ටර් වරයාට අධිකරණ විසින් නියෝග කර තිබේ.
 

 
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් විභාගයට ගනු ලැබූ දිසා විනිසුරුවරිය  විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
 
මෙහි අතුරුතහනම් දැන්වීම් සහ නොතීසි වගඋත්තරකරුවන්ට යැවීමට නියෝග කළ අධිකරණය අදාළ නඩුව  ලබන 22 වැනිදා යළි කැඳවීමටද  නියම කර තිබේ.