සඳුදා සිට (27) පාසල් පවත්වන්නේ මෙහෙමයි

සඳුදා සිට (27) පාසල් පවත්වන්නේ මෙහෙමයි

2022 ජූනි 27 දින සිට 2022 ජූලි 01 දක්වා සතිය තුල පාසල් පැවැත්වීම පහත පරිදි සිදු කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේනදයක දැක්වේ.

එම නිවේදනය පහතින් දැක්වේ,

1. 2022/06/20 සිට 20222/06/24 දින දක්වා ග්‍රාමීය පාසල් වල පාසල් පැවත්වූ ආකාරයට සිසුනට සහ ගුරුවරුනට ප්‍රවාහන අපහසුතාව නොපවතින පාසල් සාමාන්‍ය පරිදී  පැවැත්වීය යුතු අතර, මෙම පාසල් වල ප්‍රවාහන අපහසුතා පවතින ගුරුවරුන් සිටී නම් විදුහල්පති විසින් එම ගුරුවරුන්ගේ පෞද්ගලික නිවාඩු වලින් නිදහස් කර නම්‍යශීලී කාල සටහන් සකස් කෙරේ.

2. පසුගිය සතියේ නොපැවැත්වූ නාගරික ප්‍රාදේශවල පාසල් සතියකට දින 03 ක් එනම් අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දින පෙ.ව 07.30 සිට ප.ව 01.30 දක්වා පැවැත්විය යුතුය. මෙම පාසල් වලද, ප්‍රාථමික අංශ පවත්වන දින ගණන පැවැත්වීම පිළිබදව තීරණය කිරීමේ බලය විදුහල්පතිට හිමිවේ.

සිසුන් නොපැමිණෙන දින සඳහා මාර්ග ගත ඉගැන්වීම/වැඩ පැවරුම්/නිවෙස් පාදක  ක්‍රියාකාරකම් මඟින් ඉගෙනුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගනු ලැබේ.

3. ප්‍රවාහන අපහසුතා හේතුවෙන් පාසලට නොපැමිණෙන ගුරුවරුන් සඳහා මෙම දින පෞද්ගලික නිවාඩු ලෙස නොසැලකීමට කටයුතු කෙරේ.

4. 2022/06/20 සිට 2022/06/24 දක්වා ප්‍රවාහන දුෂ්කරතා මධ්‍යයේ පාසල් කටයුතු   පවත්වාගෙන යෑමට දායකත්වය දුන් සියලුම විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රණාමය පුදකරේ.