රේගු නිලධාරි සංසදයෙන් ඖෂධ පරිත්‍යාගයක්

රේගු නිලධාරි සංසදයෙන් ඖෂධ පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා රේගූ දෙපාර්තුමේන්තුවේ 93 වන රේගු නිලධාරී සංසදය විසින් වත්මන් අර්බුදය හමුවේ අත්‍යවශය ඖෂධයක් වන ඉන්සියුලින් (Soluble Insulin) ලක්ෂ 4 කට අධික වටිනාකමකින් යුතු තොගයක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා වෙත පරිත්‍යාග කරන ලදී.

මේ අවස්ථාවට සෞඛ්‍ය  අමාත්‍යංශයේ රෝෂිනී පීරිස් මහත්මියද, රේගු නිලධාරී සංසදය වෙනුවෙන් පුෂ්පරාජ් රණසිංහ, මහේෂ් ප්‍රනාන්දු , ශිරන්ති පෙරේරා, අරුණ ශාන්ත, අයරින් සුගන්ධි යන මහත්ම මහත්මින් පිරිසක් ද සහභාගී විය.