ඉන්ධන අත්‍යාවශ්‍ය සේවාවලට පමණයි

ඉන්ධන අත්‍යාවශ්‍ය සේවාවලට පමණයි

රජය ඉන්ධන නිකුත් කිරීම ඊයේ (27) දින රාත්‍රියේ සිට ජුලි 10දා දක්වා අත්‍යවශ්‍ය සේවා වලට පමණක් නිකුත් කිරීමට පියවර ගත් බව කැබිනට් මණ්ඩලය තීරණය කළ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත.

ඒ අනුව, සෞඛ්‍ය, විදුලිය, පොලිසිය හා රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති අත්‍යාවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන නිකුත් කරනු ඇත.

තවදුරටත් කැබිනට් ප්‍රකාශක පවසා ඇත්තේ, අන්තර් පළාත් ප්‍රවාහන සේවා බොහෝ දුරට නතර කිරීමට සිදුවනු ඇති බවයි.

ඒ අනුව රජයේ පාසල් හා අත්‍යාවශ්‍ය නොවන රාජ්‍ය ආයතන සේවකයින් කැඳවීම එහි ප්‍රධානින්ගේ අභිමතය පරිදි කැඳවීමත්, පාසල් ලබන 10වනදා තෙක් වසා තැබීම හෝ විවෘත කිරීම විදුහල්පතිවරුන් හට පැවරීමටත් තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටී.