ඉන්ධන අර්බුදයත් සමග ඇතිවී ඇති තත්ත්වය පිළිබඳ නීතිඥ සංගමයේ දැඩි අවධානය

ඉන්ධන අර්බුදයත් සමග ඇතිවී ඇති තත්ත්වය පිළිබඳ නීතිඥ සංගමයේ දැඩි අවධානය

ඉන්ධන හිඟය ඇතුළු විවිධ හිඟයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් කළමනාකරණය කරනු ලබන ආකාරය පිළීබඳව හා එය රටේ ජනතාවට පරිපාලනයට හා ව්‍යාපාරයට බලපෑ ඇති ආකාරය හා අවසානයේදී එය ප්‍රජාවගේ ස්ථාවරත්වයට දැඩි ලෙස අහිතිකර බලපෑම මගින් රටේ නීතිය හා සාමයද පිරිහීමට ලක්ව ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ සම්බන්ධයෙන් නීතිඥ සංගමය දැඩි අවධානයෙන් සිටින බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන අතර, රටේ යහපත උදෙසා මහජනයා මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ වගකිම ජනාධිපතිවරයා සහ අනෙකුත් අදාළ සියලු දේශපාලඥයින් වගකීම භාරගත යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එම නිවේදනය පහතින් දැක්වේ.